කාන්තාවකට පිළිකා හතරක් වැළඳීමේ අවදානම එකවිට හඳුනාගැනීමට අවස්තාවක්

Date:

ගැබ්ගෙල පරීක්ෂාවේදී එකතු කරන ලද එක් සාම්පලයක් භාවිතා කරමින් කාන්තාවකට පිළිකා හතරක් වැළඳීමේ අවදානම පිළිබඳව පුර්ව අවදානම සඳහන් කිරීමට විද්‍යාඥයන් පිරිසක් විසින් පරීක්ෂණයක් සිදු කරමින් සිටි.

the Nature Communications සඟරාවේ ප්‍රකාශයට පත් කරන ලද පත්‍රිකා දෙකකට අනුව සාමාන්‍ය ස්මියර් පරීක්ෂණයකින් ගැබ්ගෙල සෛල භාවිතා කිරීමෙන් විශේෂඥයින්ට ඩිම්බකෝෂ සහ පියයුරු පිළිකා හඳුනා ගැනීමට මෙන්ම ඒවා වර්ධනය වීමේ සම්භාවිතාව පුරෝකථනය කිරීමට හැකි වේ.

එසේම WID පරීක්ෂණ හෙවත් Women’s Cancer Risk IDentification (WID) මගින් ගර්භාෂය සහ ගැබ්ගෙල පිළිකා අනාවැකි කිරීමට ඇති හැකියාව මත වැඩිදුර ප්‍රතිඵල ලැබිය හැකි බව ද පර්යේෂකයෝ පවසති.

මෙම නවතම පරීක්ෂණය අවසානයේ දී තරුණ කාන්තාවන්ගේ මෙම ප්‍රධාන ඝනයේ පිළිකා හතරම කලින් හඳුනා ගැනීමට හැකි වන අතර, පිළිකාව ආරම්භ වීමට පෙර මර්දනය කිරීමට පවා හැකි වනු ඇති, බවයි එම විශේෂඥයින් පෙන්වා දෙන්නේ.

කාන්තාවන්ට බලපාන වඩාත් බහුලව පවතින පිළිකා හතර සඳහා , විශේෂයෙන් මුල් අවධියේදී හඳුනා ගැනීමට වඩාත්ම දුෂ්කර පිළිකා වර්ග තනි පරීක්ෂණයකින් සිදු කිරීම විප්ලවීය වෙනසකි.

නාරිවේද පිළිකා ආශ්‍රිතව සිදුවන මරණවලින් වැඩිම ප්‍රතිශතයක් සිදුවන්නේ ඩිම්බකෝෂ පිළිකා මගිනි.

වර්තමානයේ, ඩිම්බකෝෂ පිළිකාවලින් 75% ක් පිළිකා පැතිරීමෙන් පසුව හඳුනා ගැනේ. නමුත්රෝගය කලින් හඳුනාගැනීමෙන් ප්‍රතිකාර ක්‍රම වේද වැඩිදියුණු කළ හැක.

පියයුරු පිළිකා යනු කාන්තාවන්ගේ වඩාත් සුලභ පිළිකාවක් වන අතර එය සාමාන්‍යයෙන් mammography පරීක්ෂණයකින් පසුව අනාවරණය වේ.

සහන් හේවාගමගේ – අවුට්බවුන්ඩ් ටුඩේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...