කැතේ ෆැසිපික් ගුවන් සේවාව යළි ගුවන් ගමන් අරඹයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි , 02 කොළඹ (LNW): ඊයේ (01) දින සිට සක්‍රීය වෙමින් කැතේ ෆැසිපික් ගුවන් සේවාව යළි තම ගුවන් ගමන් මෙහෙයුම් කරමින් ප්‍රථම මංගල ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බව සඳහන් වේ.

මෙම ගුවන් ගමන් කොවිඩ් වසංගත සමයේ එනම් 2020 මාර්තු මාසයේ සිට තාවකාලිකව සිය ගුවන් ගමන් මෙහෙයුම්  අත්හිහිටුවා තිබූණි.

ඒ අනුව සතියේ  සෑම  අගහරුවාදා , බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා යන දින වල හොංකොං සිට කටුනායක දක්වා ඍජු ගුවන් ගමන් සේවා කැතේ ෆැසිපික් ගුවන් සේවයේ මෙතැන් සිට ක්‍රියාත්මක කිරීමට නියමිතය .

කැතේ ෆැසිපික් ගුවන් සේවයේ සී.එක්ස්.- 611 දරන ප්‍රථම මංගල ගුවන් යානය  ඊයේ (01) මධ්‍යම රාත්‍රී 11.35 ට ගුවන් මගීන් 253 දෙනෙකු රැගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

කැතේ ෆැසිපික් ගුවන් සේවය මෙම මංගල ගුවන් ගමන සදහා එයාර් බස් 330 – 300 වර්ගයේ ගුවන් යානයක් යොදවා තිබුණි .

කැතේ ෆැසිපික් ගුවන් සේවා හොංකොං සිට ලොව පුරා රටවල් 80 ක ගමනාන්ත කරා සිය ගුවන් ගමන් මෙහෙයුම් සිදු කරමින් සිටිති .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...