අනුරාධපුර දිස්ත්‍රික්කයේ පාසල් 22කට නවීන Smart Board!

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි , 02 කොළඹ (LNW): “ජයගමු ශ්‍රි ලංකා” අනුරාධපුර දිස්ත්‍රික් ජනතා ජංගම සේවයට සමගාමීව, ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් දිස්ත්‍රික්කයේ පාසල් 22ක් වෙත පන්ති කාමරයට අවශ්‍ය අති නවීන Smart Board පිරිනමනු ලැබිණි.

මෙය කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය විසින් සංවිධාන කරන ලද කටයුත්තකි.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා විසින් මෙම Smart Board පිරිනමනු ලැබූ අතර, මේ සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශය රු.12,977,404 ක මුදලක් වැය කර තිබේ.

විගමණික ශ්‍රමිකයින්ගේ දූ දරුවන් ඉගෙන ගන්නා පාසල් තෝරාගනු ලැබුවේ අදාළ ප්‍රදේශවල ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගිනි. ඒ අනුව පාසල් 22ක් සඳහා මෙම Smart Board පිරිනැමූ අතර, ඊට අදාල සංඛේතාත්මක චෙක්පත් එම විද්‍යාලවල විදුහල්පතිවරුන් විසින් භාරගනු ලැබිණි.

රාජාංගනය ශ්‍රි රාහුල විද්‍යාලය, තඹුත්තේගම නල්ලච්චිය විදුහල, ගල්නෑව මධ්‍ය මහා විද්‍යාලය, ගල්කිරියාගම මධ්‍ය මහා විද්‍යාලය, මරදන්කඩවල රාහුල මහා විදුහල, සේනපුර මහා විද්‍යාලය, අලුත් වැව කුමාර මහා විද්‍යාලය, තලාව සුබෝධි මහා විද්‍යාලය, විද්‍යාර්ථ මහා විද්‍යාලය, මහබුලංකුලම මහා විද්‍යාලය, ජනාධිපති විදුහල, ගලෙන්බිදුණුවැව දුටුවැව මහා විද්‍යාලය, හොරොව්පතාන අල්මාස් මහා විද්‍යාලය, දියමයිලගස්වැව විදුහල, මිහින්තලේ ගැමුණු විද්‍යාලය, පුස්දිවුල්වැව විදුහල, තිරප්පනේ මීවැල්ලෑව විද්‍යාලය, මහවිලච්චිය මහා කාෂ්‍යප විද්‍යාලය, පදවිය මෛත්‍රි විද්‍යාලය, හේමමාලි විදුහල, පහල ගන්කන්දේගම විද්‍යාලය හා විජයරාජ මහා විද්‍යාලය යන පාසල් සඳහා මෙම Smart Board ලබා දීම සිදුවිය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මම්දානි ජයග්‍රහණය කළහොත් නිව්යෝර්ක් නගරයට ෆෙඩරල් අරමුදල් සැපයීම නවතා දමන බව ජනාධිපති ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපදයේ...

විදෙස් ගමන් තහනමක් සමඟ රත්වත්තේ ඇප මත නිදහස්!

කොළඹ LNW: අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින්...

හිටපු ඇමරිකානු උප ජනාධිපති ඩික් චෙනී මිය යයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපදයේ...

චීන ජනපති සහ රුසියානු අගමැති අතර හමුවක්!

කොළඹ LNW:චීන ජනාධිපති ෂී ජින්පිං මහතා රුසියානු අග්‍රාමාත්‍ය Mikhail...