*
Monday, May 6, 2024
spot_img

Latest Posts

සනත් නිශාන්තට එරෙහිව ගොනුකර තිබූ පෙත්සම් තුනක් ඉල්ලා අස්කර ගැනීමට අවසර!

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි , 02 කොළඹ (LNW) : හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාට අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් ඊට එරෙහිව ගොනුකර තිබූ පෙත්සම් තුනක් ඉල්ලා අස්කර ගැනීමට අභියාචනාධිකරණය අද (02) අවසර ලබා දුන් බව වාර්තා වේ.

සෝභිත රාජකරණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම් අද කැඳවනු ලැබීය.

එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් වග උත්තරකාර සනත් නිශාන්ත මහතා මේ වන විට මියගොස් ඇති බැවින් මෙම පෙත්සම් පවත්වාගෙන යාමට අවශ්‍ය නොවන බවත් ඒවා ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන ලෙසත් ඉල්ලා සිට ඇති අතර, එම ඉල්ලීම පිළිගත් අධිකරණය අදාළ පෙත්සම් ඉල්ලා අස්කර ගැනීමට අවසර ලබාදුන්නේය.

ශ්‍රී ලංකා අධිකරණ නිලධාරීන්ගේ සංගමය  සහ නීතිඥවරුන් දෙදෙනෙකු වන ප්‍රියලාල් සිරිසේන සහ විජිත කුමාර යන අය විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.

මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණේ, ඉකුත් 2022 වසරේ අගෝස්තු මස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී අරගලකරුවන්ට ඇප ලබාදීමේදී මහෙස්ත්‍රාත්වරු අනුගමනය කරනු ලැබූ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයකින් සනත් නිශාන්ත මහතා අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමිණි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan