සමාජවාදය පෙන්නලා ඇවිත් අන්ත දක්ෂිණාංශික වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න ජවිපෙ ඉදිරිපත් වෙලා – හර්ෂ

Date:

සමාජවාදය පෙන්වා බලයට ආ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු ජාතික ජන බලවේගය මේ වනවිට අන්ත දක්ෂිණාංශික වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට ඉදිරිපත්ව සිටින බවත් ජනාධිපතිවරයා මෙවර අයවැය කතාවේ ඉදිරිපත් කරන්නට යන්නේත් හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා සම්මත කළ ආර්ථික පරිවර්තන පනතේ ඇති දේවල්ම බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය හර්ෂ ද සිල්වා පවසයි.

“ජනාධිපතිතුමා කුරුණෑගලද කොහෙද දීර්ඝ කතාවක් කළා. එතුමා කියනවා රට ස්ථාවර කරන්න පාරවල් දෙකක් තිබ්බා, එක්කෝ ණය ප්‍රතිව්‍යුහගත කරගෙන රට ඉස්සරහට යන්න, එහෙම නැත්නම් ණය ප්‍රතිව්‍යුහගත නොකර බංකොලොත් ක්‍රමයෙන් රට ඉස්සරහට යන්න, කොයි එකද හොඳ කියලා ජනතාවගෙන් අහනවා. ජනාධිපතිතුමනි, ඔය දැන් ඉදිරිපත් කරලා තියෙන ආර්ථික ඇමතිවරුත් එක්ක තර්ක කළේ නැද්ද අපි මේ තියෙන ක්‍රමයට ඉස්සරහට යන්න ඕනෙ කියලා ? කළේ නැද්ද ? කළා. ඔබතුමන්ලා මොකක්ද කිව්වෙ ? නෑ නෑ DSA වෙනස් කරනවා, අපට පුළුවන් මේක වෙනස් කරගන්න කියලානෙ කිව්වෙ. දැන් කියනවා දෙසැම්බර් 21 වෙනිදා ඒගොල්ලො රට බංකොලොත්භාවයෙන් එළියට ගත්තා ලු. අනේ මං දන්නෑ මිනිස්සු තවදුරටත් රවට්ටන්න පුළුවන් වෙයිද කියලා මෙහෙම මේ ආණ්ඩුවට. දැන් මේ සමාජවාදය පෙන්නලා ඇවිල්ලා අන්ත දක්ෂිණාංශික වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න ආණ්ඩුව ඉදිරිපත් වෙලා ඉන්නවා. ඒක තමයි ඇත්ත කතාව.

මම හොඳ කතාවක් කියන්නම්කො, මම ගංගාරාම පන්සලේ ඊයෙ පෙරේදා ඉන්නකොට අස්සජි ස්වාමීන් වහන්සෙ ඇහුවා කොහොමද මේ NPP ආණ්ඩුව කියලා. මම කිව්වා ඔබවහන්සෙට පුළුවන්ද තිඹිරිගස්යායෙ සෙන්ට් තෙරේසා පල්ලියෙ ගිහිල්ලා පූජාව කරන්න ? අස්සජි ස්වාමීන් වහන්සෙ මට කිව්වා හර්ෂ, මං කරන්නෙ කොහොමද ඒක කියලා. මම කිව්වා ඒක තමයි ස්වාමීන් වහන්ස මමත් කියන්නෙ කියලා. ජනාධිපතිතුමා කියනවා ආර්ථික පරිවර්තන පනත හොඳයි කියලා. ඈ ? ආර්ථික පරිවර්තන පනතට විරුද්ධව ගිරිය යටින් කෑගැහුවා, විරුද්ධ වුණා, JVP එක ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු දැම්මා. ඔළුවෙන් හිටගන්නවා, මේ ආර්ථික පනත තමයි යම් යම් සංශෝධන කියලා පොඩ්ඩක් එහෙන් මෙහෙන් කෑලි දෙක තුනක් දාලා රටේ වැඩපිළිවෙල මේකයි කියලා අනුර කුමාර ජනාධිපතිවරයා බජට් එකේ කියනවා”

හර්ෂ සිල්වා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ (පෙබරවාරි 02) කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ නගර සභාව : රීසා – බල්තසාර් සටනේ නවතම තත්වය මෙන්න !

කොළඹ මහ නගර සභාවේ නගරාධිපති සහ නියෝජ්‍ය නගරාධිපති තෝරා...

ලාල් බබා ….

විපක්ෂ භූමිකාවෙන් අයින් වෙලා දැන් ආණ්ඩුකරණ භූමිකාවේ ඉන්න ලාල්...

වැසි තත්වයේ වෙනසක් – අද (16) කාලගුණ වාර්තාව

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජුනි 16) දිනයේදී බස්නාහිර, සබරගමුව,...

විනිසුරු ලෆාර් ශ්‍රේෂ්ඨාධිකරණයට පත්කිරීමේ යෝජනාව සලකා නොබලයි. අභියාචනාධිකරණයට දෙදෙනෙකු පත්කිරීමට අනුමැතිය

අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් මහතා ශ්‍රේෂ්ඨාධිකරණ...