සීආර් ජයග්‍රාහී ගමනට හැව්ලොක්ස් බාධා කරයි

Date:

සටහන – නිශ්මං රණසිංහ
පෙබරවාරි 03,(LNW)කොළඹ :

මේ සති අන්තය නිමා වුණේ වත්මන් ජාතික ලීග් රග්බි සූරයන් වන සීආර් ඇන්ඩ් එෆ්සී කණ්ඩායමට ලකුණු 53 – 42 ක් පරාජයක් අත් කර දෙමින්ය.මේ තත්ත්වය හැව්ලොක්ස් කණ්ඩායමටත් වඩා තමන්ගෙන් ගිලිහුණු රග්බි කිරුළ නැවත සීආර් වෙතින් අත් කර ගන්නට මඟ බලන මහනුවර ක්‍රීඩා සමාජයට වඩා සතුටුදායක පුවතක් වනු සැක නැත.එහෙත් තවම මේ තරගවාරයේ මහනුවර සහ සීආර් අතර ගැටුම සිඳු වී නැති නිසා මේ තීරණය එම තරගය වඩාත් තියුණු මුහුණුවරක් ගැනීමට ද බලපානු සැක නැත.

හැව්ලොක්ස් කණ්ඩායම වෙනුවෙන් චේතන රාජරත්ක සහ ජයතු රාජරත්න පිළිවෙලින් උත්සාහක දිණුම් 4 ක් සහ 3 ක් රැස් කිරීම කැපී පෙණුන සිදුවීමක් විය.සචින්තන වෛයිනනාත ද එක් උත්සාහක දිණුමක් එක් කළ අතර ඒ අනුව හැව්ලොක්ස් කණ්ඩායම තරගයේ දී රැස් කරන ලද උත්සාහක දිණුම් ප්‍රමාණය 8 ක් විය.ඉන් පහකම ප්‍රවර්ථන සාර්ථක කළ සැමුවෙල් මධුවන්ත දඩුවම් පහරකින් ද ලකුණු රැස් කර දුන් අතර ඒ අනුව ඔවුන්ගේ ලකුණු 53 සැකසිණි.

සීආර් කණ්ඩායම ලැබූ ලකුණු 42 සඳහා උත්සාහක දිණුම් දෙකක් එක් කළ අතර අදීශ වීරතුංග,තිනෙත් ගමගේ,තේනුක නානායක්කාර,රැන්ඩි සිල්වා සහ කෙමෝද් මුතුනායක එක් උත්සාහක දිණුම් දෙක බැඟින් රැස් කරන්නට සමත් විය.ඉන් දෙකක ප්‍රවර්ථන සාර්ථක කර දුන් සුබයිර් දොරේ තවත් එක් දඩුවම් පහරකින්ද ලකුණු රැස් කර සීආර් කණ්ඩායමේ ලකුණු පූවරුව 42 දක්වා ගෙන එන්නට දායක විය.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දීමනා ඉල්ලා සද්දේ දාන රාජ්‍ය සේවකයින්ට ජනපති අද කෙළින් උත්තර දෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: 2027 වසරේ වැටුප් වැඩිවීමක් සිදුවන තුරු...

ස්ථානවලින් මැනිය නොහැකි ජයග්‍රහණයක් ගැන…

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: සාරපලය අඹ දඹ රඹද...

සමාජ මාධ්‍යවලින් දරුවන් ආරක්ෂා කර ගැනීමට පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳව අංක 9/...

ජපානයේ අධික සංචාරක තදබදය හමුවේ සුප්‍රසිද්ධ ෆුජියෝෂිඩා චෙරි මල් උත්සවය අවලංගු කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මෑත කාලීනව ජපානයේ...