“Clean Sri Lanka” වෙනුවෙන් සතියක් තුළ බස්නාහිර ශ්‍රමදාන 5000ක්!

Date:

කොළඹ LNW:“Clean Sri Lanka” වැඩසටහනට සමගාමීව බස්නාහිර පළාත පිරිසිදු කිරීමේ “Clean Western Province” වැඩසටහන අද(03) ආරම්භ විය.

ඒ බස්නාහිර ආණ්ඩුකාර හානිෆ් යූසුෆ් මහතාගේ ප්‍රධානත්වයෙනි.

මාලඹේ පොදු බස් නැවතුම්පොළ හා ඒ අවට ප්‍රදේශය පිරිසිදු කිරීමේ වැඩසටහන මෙලෙස අද පැවැති අතර, මෙම වැඩසටහන අද සිට එළඹෙන 09 වැනිදා දක්වා සතියක කාලයක් පැවැත්වේ. බස්නාහිර පළාත පුරා සියලුම රාජ්‍ය ආයතන සහ ප්‍රජාව එක්ව මෙය ක්‍රියාත්මක කරනු ලැබේ.

අද දින පැවති මාලඹේ පොදු බස් නැවතුම්පොළ හා ඒ අසල ප්‍රදේශය පිරිසිදු කිරීමේ වැඩසටහන සඳහා ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රනි කෞශල්‍යා ආරියරත්න, බස්නාහිර පළාත් සභාවේ ප්‍රධාන ලේකම්තුමිය මෙන්ම බස්නාහිර පළාතේ රාජ්‍ය නිලධාරීන්, පළාත් පාලන ආයතන නියෝජිතයන්, ස්වේච්ඡා සේවකයන් හා ප්‍රජාව දායක වූ අතර මෙහිදී බස් නැවතුම්පොළ අවට ඇති කසල ඉවත් කිරීම, පොදු වැසිකිලි පිරිසිදු කිරීම හා පරිසරය ආකර්ශනීය තත්වයට පත් කිරීම සඳහා මෙහිදී කටයුතු සිදු කරන ලදී.

ඒ අනුව ආණ්ඩුකාරවරයාගේ උපදෙස් මත බස්නාහිර පළාත පුරා ආයතනවල “Clean Sri Lanka” වැඩසටහන් 5000ක් කිරීමට නියමිතයි.

සැලසුම් කර ඇති ශ්‍රමදාන සතියෙන් පසුව ද පිරිසිදු බව හා ආකර්ශනීය තත්වය අඛණ්ඩව පවත්වා ගැනීම සඳහා සෑම සතියකම සිකුරාදා දින විශේෂ දිනයක් ලෙස නම් කර ඇති අතර එම දිනයේ දී දෛනික රාජකාරි වලට බාධා නොවන පරිදි පිරිසිදු කිරීමේ කටයුතු සිදු කිරීමට සැලසුම් කර තිබේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

reFocus සම්මාන උළෙල මෙවරත් විශ්මයජනක ඡායාරූපකරණයට නිසි වටිනාකමක් ලබා දෙයි!

සටහන – පුලී දෙසැම්බර් 26, කොළඹ (LNW):  reFocus සම්මාන උළෙල...

විද්‍යාඥයින්ගේ ඇස් උඩ යවමින්, චන්ද්‍රිකාවක් විසින් සුනාමියක් සජීවීව ග්‍රහණය කර ගනී!

සටහන – පුලී දෙසැම්බර් 26, කොළඹ (LNW):  ප්‍රථම වතාවට, අභ්‍යවකාශයේ...

පාට හතරකින් හැඩ වෙන කාන්තා ක්‍රිකට්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 26, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් කාන්තා...

හිටපු ඇමති ඩග්ලස් දේවානන්දා CID අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල ඊපීඩීපී පක්ෂයේ නායක, හිටපු අමාත්‍ය ඩග්ලස්...