ශ්‍රී ලංකා නවෝත්පාදකයන් වෙනුවෙන් ඉන්දීය ව්‍යවසායකත්ව පුහුණු වැඩසටහනක්

රෂිකා හෙන්නායක මාර්තු 28, කොළඹ LNW :

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින තාක්ෂණික සහයෝගීතාව යටතේ ශ්‍රී ලාංකික ව්‍යවසායකයන් සඳහා සුවිශේෂී ධාරිතා වර්ධන වැඩසටහනක් ඉන්දියාවේ IIT මදුරාසි ආයතනයේ පැවැත්වූණි.

මෙම දින 45ක පුහුණුව සඳහා ශ්‍රී ලංකාවේ මෘදුකාංග සහ සේවා සමාගම් සංගමයේ නියෝජිතයන් පිරිසක් සහභාගී වී ඇත.

එහිදී කෘතිම බුද්ධිය, මූල්‍ය මෙවලම් සහ ව්‍යාපාර වර්ධනය කිරීමේ උපාය මාර්ග පිළිබඳව ව්‍යවසායකයන්ට පූර්ණ මගපෙන්වීමක් ලබා දී තිබේ.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ පොරොන්දුවකට අනුව ක්‍රියාත්මක වූ මෙම සම්පූර්ණයෙන්ම නොමිලේ ලබාදුන් වැඩසටහන, දෙරට අතර වෘත්තීය සබඳතා සහ ආර්ථික සහයෝගීතාව ශක්තිමත් කිරීමට මහෝපකාරී වේ.

මෙමගින් ශ්‍රී ලාංකික නවක ව්‍යාපාරිකයන්ට ජාත්‍යන්තර මට්ටමේ ආයෝජන අවස්ථා ලබා ගැනීමට අවශ්‍ය පසුබිමද සකස් කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වෙඩි තැබීමක්: ලොකු පැටී” නමැත්තාගේ සහෝදරයෙකු මිය යයි!

රෂිකා හෙන්නායක අහුංගල්ල, වැලිකන්ද ප්‍රදේශයේදී සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු...

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින ගැඹුරු මිත්‍රත්වයේ බැඳීම!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 01, කොළඹ LNW : ජනතා විමුක්ති...

ඉරානයට එරෙහි ත්‍රස්ත ප්‍රහාරයකට සූදානම් වූ පුද්ගලයන් 6 දෙනෙක් ඝාතනය කෙරේ?

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 01: ඉරානයේ ඉස්ලාමීය...

‘හෙළ සිනමා වංශකතාවේ නොමැකෙන ස්වර්ණමය සලකුණ’ සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා මතකාවර්ජන

සටහන : සශිකලා මධුෂාණී “වැලිකතරේ” වික්‍රම රන්දෙනිය, “ගම්පෙරළියේ” ජිනදාස, “සරුංගලේ”...