සටහන – රුවන් නෙළුගොල්ල
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂට අද (03) දිනයේදී පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ.
ඒ, ඇයගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වූ “සිරිලිය සවිය” වැඩසටහනේ ගිණුම් පිළිබඳ සිදුකෙරෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා ය.
එසේම මහින්ද රාජපක්ෂ මහතාගේ වැඩිමල් පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අද දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) හමුවේ පෙනී සිටින ලෙස කැඳවීමක් සිදුකර ඇත.
ඉන්දුනීසියාවේ සිට මෙරටට රැගෙන ආ පාතාල නායකයකු වන කෙහෙල්බද්දර පද්මේ සමග සම්බන්ධතා පවත්වා ඇත්දැයි ප්‍රශ්න කිරීම සඳහා නාමල් රාජපක්ෂව මෙසේ CIDය වෙත කැඳවා ඇති බව සඳහන්.
ඔවුන් දෙදෙනාටම පසුගිය සතියේදී ප්‍රකාශ ලබාදීම සඳහා පැමිණෙන ලෙස අදාළ ආයතන විසින් දැනුම් දී තිබුණු නමුත් ශිරන්ති රාජපක්ෂ පෞද්ගලික හේතුවක් මතත් නාමල් රාජපක්ෂ ඉන්දියාවේ සංචාරයක නිරතව සිටීම නිසාත් එම CIDය හා FCIDය වෙත පැමිණ සිටියේ නැත.


