මිල්කෝ එක ගොඩදාන්න ඇමති ලලකාන්තගෙන් යෝජනාවක්!

Date:

කොළඹ LNW:ඉන්දියාවට විකිණීමට සූදානම් කර තිබුණු මිල්කෝ ආයතනය එම වැඩපිළිවෙලින් තොරව ආණ්ඩුවේ ප්‍රතිපත්ති අනුව කටයුතු කිරීමට ඉඩ ලැබීම සම්බන්ධයෙන් තමන් ඉන්දියාවටත් ස්තූතිය පලකරන බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී.ලාල්කාන්ත මහතා පැවසීය.

ඔහු මේ බව පැවසුවේ ඊයේ (02) කිරෙන් පොහොසත් සාරවත් රටක් වෙනුවෙන් මිල්කො කිරි ගොවි අභිමන් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවති වැඩසටහන අමතමිනි.

එහිදී අමාත්‍යවරයා පශු සම්පත් ක්ෂේත්‍රයේ පවතින ගැටළු සම්බන්ධයන් අවධානය යොමුකළ අතර මිල්කෝ ආයතන ලෙස 2030 වන විට බලාපොරොත්තු වන ඉලක්ක කරා යාම වෙනුවෙන් සැලසුම් සකස් කරන ලෙස අවධාරණය කරන ලදී.

“කිරි ගොවීන් නැත්නම් කිරි කර්මාන්තයක් නැහැ. ඒ නිසා කිරි කර්මාන්තය තුළ වැදගත්ම සාධකය වෙන්නේ කිරි ගොවීන්. කිරි කර්මාන්තයේදී විවිධ ප්‍රශ්න පැන නඟිනවා. තණබිම් නැතිකම, වතුර නැතිකම වගේම සෞඛ්‍ය ප්‍රශ්න මතුවෙනවා. අපිට විශාල හරක් රංචු නිදැල්ලේ යවමින් ඒගොල්ලන්ට තණකොළ හොයාගන්න ඉඩ සලස්වමින් තව වැඩි කාලයක් මේ කර්මාන්තය කරන්න බැහැ. තණබිම් ඉල්ලුවට එහෙම දෙන්න බැහැ. සැලකිය යුතු ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා තමයි අපිට කිරි කර්මාන්තයේ නව තාක්ෂණික යුගයක් අවශ්‍ය වෙන්නේ. සත්ව ආහාර පිළිබඳ බරපතල ප්‍රශ්නයක් තියෙනවා. සත්තුන්ට ප්‍රමාණවත් වතුර ලැබෙන්නේ නැහැ. සෞඛ්‍ය ප්‍රශ්න අතර කුර රෝග තියෙනවා. ඒ නිසා මේ ක්ෂේත්‍රයේ ලොකු අභියෝගයක් තියෙනවා. පශු සම්පත් ක්ෂේත්‍රයට අපි මේ ඊයේ පෙරේදාත් බඳවා ගැනීම් සිදු කළා. බොහෝ නිලධාරීන් මේ තනතුරුවල ඉන්නේ නැහැ. එක්කෝ ටික කාලයකින් රට යනවා. ඔවුන්ට ලැබෙන වැටුප් ඇතුළු වරප්‍රසාද ප්‍රමාණවත් නොවන නිසා මේ රැකියා අතහැර දමනවා. නිලධාරීන්ට යන්න වාහන නැහැ. ක්ෂේත්‍රය ගැන හිතනවාට වඩා තමන් ගැන හිතන ප්‍රමාණය වැඩියි. ඒ ගැන දොස් කියන්න බැහැ.

අපි මිල්කො එකට යෝජනා කරනවා NLDB එකත් සම්බන්ධ කරගෙන මේ ප්‍රශ්නවලට ඉක්මන් විසඳුමක් හොයන්න ඕනේ. නැත්නම් ඔය කියන 2030 ඉලක්කවලට යන්න බැහැ. අපි උත්සාහ කරනවා. ප්‍රධානම ප්‍රශ්නය තණකොළ. තණකොළයි, බඩඉරිඟුයි මේකට අත්‍යවශ්‍යයි. බඩඉරිඟු නිෂ්පාදනය ගත්තොත් අපි නිෂ්පාදනය කරන්නේ 50%යි. තව බඩඉරිඟු වවන්න ඉඩම් නැහැ. ඒ නිසා අපිට අඩු සත්තු ප්‍රමාණයකින් වැඩි කිරි ප්‍රමාණයක් ලබාගන්න යන්න වෙනවා තාක්ෂණය එක්ක එකතු වෙලා. අපි මේ සඳහා Dairy Hub නමින් වැඩසටහනක් හදලා තියෙනවා. මිල්කො ආයතනය ඉන්දියාවට විකුණන්න තිබුණේ. නමුත් අපි ඉන්දියාව එක්ක කතා කරලා ඒක නවත්තගත්තා. මම මේ අවස්ථාවේ ඉන්දියාවට ස්තූතිවන්ත වෙනවා. එයාලා අපේ ප්‍රතිපත්තිය පිළිඅරන් මේ සඳහා එකඟත්වය පළ කළා.

අපි ඉස්සර කිව්වා රට වටේටම මුහුද තිබුණට ටින්මාළු ගේන්නේ රටින් කියලා. නමුත් දැන් අපි ටින්මාළු පිටටරටින් ගෙන්වන්නේ නැහැ. දැන් රටේ ආහාර සුරක්ෂිතතාවය තියෙනවා. දැන් මිල්කො ආයතනය ගොවිජනතාවගේ කොටස් හිමි ආයතනයක් බවට පත්වෙලා තියෙනවා.” යනුවෙන් අමාත්‍යවරයා පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාසල් සෞන්දර්ය අධ්‍යාපනය ප්‍රවර්ධනය ගැන තීරණයක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 03, කොළඹ LNW : පාසල් සෞන්දර්ය අධ්‍යාපනය...

පුනර්ජනනීය බලශක්ති සම්පත් සංවර්ධන සැලැස්මක් ගැන තීරණයක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 03, කොළඹ LNW : පුනර්ජනනීය බලශක්ති සම්පත්...

ශ්‍රී ලංකා – එක්සත් රාජධානිය අතර ආර්ථික සබඳතා ශක්තිමත් කිරීමට නව තැතක්..

රෂිකා හෙන්නායක පෙබරවාරි 03, කොළඹ LNW : ශ්‍රී ලංකා -...