Home පුවත් දේශපාලන පුවත් ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ධුරය නැවතත් රජීව්ට

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ධුරය නැවතත් රජීව්ට

0
4

සටහන – රුවන් නෙළුගොල්ල

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ධුරය නීතීඥ රජීව් අමරසූරිය මහතාට නැවතත් හිමිව තිබේ.

2026/2027 වසර සඳහා ඒ මහතා සභාපති ධුරයට යළි තේරී පත්ව ඇත්තේ නිතරගයෙනි.

එමෙන්ම ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ හිටපු භාණ්ඩාගාරික චන්දික ද සිල්වා මහතා 2026/2027 වසර සඳහා සංගමයේ ලේකම්වරයා වශයෙන් නිතරගයෙන් පත්ව ඇති බවත් සඳහන්.

ඔවුන්ගේ නව ධුර කාලයන් ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ 52 වැනි සම්මේලනය පැවැත්වෙන 2026 මාර්තු 28 වනදා සිට ආරම්භ වනු ඇත.