*
Friday, May 3, 2024
spot_img

Latest Posts

යුරෝපා සංගමයෙන් රුපියල් කෝටි 700ක මුදලක් ….

ශ්‍රී ලංකා රජයට රුපියල් කෝටි 700ක (යුරෝ මිලියන 18ක) මුදලක් පිරිනැමීමට යුරෝපා සංගමය විසින් තීරණය කර ඇත. ඒ ශ්‍රී ලංකා රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන සමෘද්ධිය, වැඩිහිටි දීමනාව, ආබාධිත දීමනාව ඇතුළු සියලු සුබසාධක වැඩසටහන් ඇතුළත් සමාජ ආරක්ෂණ පද්ධතිය වැඩිදියුණු කිරීමේ වැඩසටහන සඳහායි.

ඒ අනුව මුදල් රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කරන්නේ, ශ්‍රී ලංකාවේ සුබසාධක වැඩසටහන තවදුරටත් කාර්යක්ෂම කිරීමට අවධානය යොමු කර තිබෙන බවයි .

ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණ පද්ධතිය වැඩිදියුණු කිරීම සඳහා සහාය විය හැකි ක්ෂේත්‍ර හඳුනාගැනීම අරමුණු කරගනිමින් ශ්‍රී ලංකා සහ මාලදිවයින් කලාපය සම්බන්ධ යුරෝපා සංගමයේ නියෝජිත පිරිසක් සමඟ මුදල් රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ මහතා පුළුල් සාකච්ඡාවක් පැවැත්වූ අතර, එම සාකච්ඡා බෙහෙවින්ම සාර්ථක වවී ඇති අතර රාජ්‍ය ඇමැතිවරයා විසින් සමෘද්ධි ඇතුළු සුබසාධක දීමනා ගෙවීම සම්බන්ධයෙන් විනිවිද භාවයක් පවත්වා ගනිමින්, එවැනි සුබසාධන දීමනා ලැබිය යුතුම පිරිස තෝරාගැනීමේ කටයුතු තවදුරටත් කාර්යක්ෂම කරගැනීමේ අවශ්‍යතාව ශෙහාන් සේමසිංහ මහතා මෙහිදී පෙන්වා දී තිබේ.

යුරෝපා සංගම් සහයෝගිතා ප්‍රධානි ජෙනී කොරියා නූන්ස් මහත්මිය මෙහිදී සඳහන් කළේ එම ක්‍රියාවලිය සඳහා අවශ්‍ය තාක්ෂණික සහාය සැපයීමටත්, ඒ අනුව සමාජ ආරක්ෂණ පද්ධතියේ කාලීන අවශ්‍යතා හඳුනාගනිමින් සහන ලැබිය යුතුම පාර්ශ්ව සඳහා සහයෝගය දීමටත් යුරෝපා සංගමය කටයුතු කරන බවයි .

රෂිකා හෙන්නායක

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan