බලය ගත්තට පස්සේ ජනතාවට දුන් පොරොන්දු අමතකයි – සමන්ත විද්‍යාරත්න

මේ රටේ ආණ්ඩු බිහි කළේ ඡන්ද දායකයන්. ඔබේ කතිරෙන් තමයි, මේ ජාතියේ පාලකයන් බිහි වුණේ. ඒ පාලකයන් විසින් තමයි, මේ රටේ ආර්ථිකයට වළක් කපලා තියෙන්නේ.” යැයි ජාතික ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් නායක සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.

ඒ මහතා මේ බව පවසා සිටියේ පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් පක්ෂයේ හාලිඇළ මැතිවරණ ප්‍රචාරක කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගි වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ ඒ මහතා මෙලෙස ද කීවේය.

“රටේ මේ වෙච්ච විනාශයට ප්‍රධාන වශයෙන්ම වග කියන්න ඕනෙ සාමාන්‍ය ජනතාව නොවෙයි, පාලකයන්. මොකද, පාලකයන් මේ රට භාර ගත්තේ අපි ආවාම රට සුඛිත මුදිත කරනවා, සෞභාග්‍යය උදා කරනවා, රට සමෘද්ධිමත් කරනවා, ජනතා ප්‍රශ්න විසඳනවා කියලා. ඒත් බලය ගත්තට පස්සේ ජනතාවට දුන් පොරොන්දු පැත්තක තියලා පාලකයන් ධනය, භෞතික සම්පත් රැස් කර ගන්නවා. ඒ බලය පවුල අතර බෙදා හදාගෙන කටයුතු කරනවා. හොරකම, වංචාව, දූෂණය යහමින්ම සිදු වෙනවා. “

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රංශයේ විරෝධතා උත්සන්න වෙයි: 70,000ක ආරක්ෂක බලකායක් යොදවයි – දහස් ගණනක් අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : ප්‍රංශය...

ශ්‍රී ලංකා යුද හමුදාවට අලුත් නායකත්වයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : 71 වන මාණ්ඩලික...

PHP වෙබ් අඩවි ආරක්ෂක දුර්වලතා පිළිබඳ රජයේ දැනුම්දීම..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය...

ආර්ථික උපදේශකයකු වෙන්න දුමින්ද හුලංගමුවට ඇති සුදුසුකම් මොනවාද?

ඇඩොල්ෆ් විසිනි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී...