අපට ඡන්දෙ කාලෙට බෙදන්න ධනය නෑ, අපි ජනතාවට ආදායම් ලැබෙන රටක් හදනවා – අනුර

Date:

මෙතෙක් කලක් මෙරට දේශපාලකයින් සිදුකළේ ජනතාවගේ ඡන්දයෙන් බලය ලබාගෙන ජනතාවගේ ප්‍රශ්න විසඳනවා වෙනුවට තමතමන්ගේ ප්‍රශ්න විසඳාගැනීම බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

“දීර්ඝ කාලයක් ජනතාව පොහොට්ටුවට ඡන්දෙ දුන්නා, අලියාට ඡන්දෙ දුන්නා, දැන් මොකක්ද රටට වෙලා තියෙන්නෙ ? ඒගොල්ලො බලයට ඇවිල්ලා මොකක්ද කරන්නෙ, ජනතාවගේ ප්‍රශ්න විසඳනවා නෙවෙයි, රටේ ආර්ථිකය හදනවා නෙවෙයි, ඒගොල්ලොන්ගෙ ප්‍රශ්න විසඳාගන්නවා. හකීම් කරන්නෙ මොකක්ද ? එයාගෙ ප්‍රශ්න විසඳාගන්නවා. රිෂාඩ් කරන්නෙ මොකක්ද ? එයාගෙ ප්‍රශ්න විසඳගන්නවා. හාරිස්ලා කරන්නෙ මොකක්ද, ඒගොල්ලොන්ගෙ ප්‍රශ්න විසඳාගන්නවා. අපේ රටේ ආණ්ඩුවක් හැදුණෙ නෑ ජනතාවගේ ප්‍රශ්න විසඳන. ඡන්දෙ කාලෙට හාල් බෙදනවා, තහඩු බෙදනවා, වැසිකිලි පෝච්චි බෙදනවා, පන්දාහෙ කොළත් දෙනවා. මේ ඡන්ද කාලෙ බෙදන්නෙ මොන සල්ලිද ? හොරකම් කරපු සල්ලි. කොමිස් ගහපු සල්ලි. පාර්ලිමේන්තු යනවා, ඒ පැත්තට පනින්නම් කියලා කීයක් හරි එකතු කරගන්නවා. ඒ සල්ලිවලින් ටිකක් ඡන්ද කාලෙට බෙදනවා. ජනතාව ඒක අරන් කතිරෙ ගහනවා. ආයෙ පාර්ලිමේන්තු යනවා, ආයෙ හොරකම් කරනවා. ජාතික ජන බලවේගයට එහෙම බෙදන්න ධනය නෑ. අපි හදනවා තමුන්නාන්සෙලාට ආදායම් සහිත ආර්ථිකය දියුණු කරන රටක්”

අනුර කුමාර දිසානායක මහතා මේ බව පැවසුවේ ඊයේ (02) සයින්දමරුදු ප්‍රදේශයේ පැවති ප්‍රචාරණ රැළියක් අමතමිනි.

~ රුවන් නෙළුගොල්ල

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ දෙවන තරගය හෙට ඉන්දියාව සමඟ

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW: ආසියානු යොවුන් නෙට්බෝල් තරගාවලිය...

අශෝක ජයතුංග e කොළම.

🍎පිටකොටුවෙ හාල් මුදලාලි තවත් ටොන් 40,000ක් ගෙන්වයි...!  🍎මාළිමාව පච වලටම...

වයඹදිග පාකිස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 13 දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණිජුනි 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වයඹදිග පකිස්ථානයේ කයිබර්...

ගිලන් හදට සුවයක් වූ සුව අරණෙහි දෙවසරක මතකාවර්ජන….

රෂිකා හෙන්නායක ජූනි 28, කොළඹ LNW : ඕනෑම දැඩි...