*
Thursday, April 25, 2024
spot_img

Latest Posts

කන්නංගරයන්ගේ නිරායුධ කැරැල්ලේ දෙවෙනි මෙහෙයුම අපි කරනවා – විපක්ෂ නායක සජිත් (VIDEO)

නිදහස් අධ්‍යාපනයේ පියා සී. ඩබ්ලිව්. ඩබ්ලිව් කන්නන්ගර මැතිතුමා දියත් කළ නිරායුධ, සාමකාමී මතවාදී කැරැල්ල තුළ අපේ රටට, රටේ සියලුම දරුවන්ට නිදහස් අධ්‍යාපනය ලැබුණ බවත් සමගි ජන බලවේගය ප්‍රමුඛ තමන් ඒ කැරැල්ල හා සමාන නිරායුධ නුතනවාදී කැරැල්ලක් ක්‍රියාත්මක කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඒ හරහා, නව තාක්ෂණය රටේ සියලුම ප්‍රදේශවලට ව්‍යාප්ත කරන මෙහෙයුම දියත් කරන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය. එදා මෙන්ම අදත් ඒවාට විරුද්ධ කල්ලියක් අපේ රටේ සිටින බවත් ඒ නිසා පාසල් වලට සක්වල වැඩසටහන ගෙනයන විට සජිත් ප්‍රේමදාසගේ මේ බෙදීමෙන් වැඩක් නැතැයි කියා ඔවුන් පවසන බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

නූතනවාදී අධ්‍යාපනය තුළින් තරුණ පරපුර දේශපාලන වහල් භාවයෙන් මිදෙනවා නම් ලුම්පන් කල්ලිය දකින්නේ එය මහා බරපතළ සාමාජීය ගැටලුවක් වශයෙන් බව පැවසූ විපක්ෂ නායකවරයා, තමන්ට පක්ෂපාතී වහලුන් නිර්මාණය වීම නතර වනවාට ඔවුන් අකමැති බවත් පැවසීය.

නවීන තාක්ෂණය සමග සුහුරු කුසලතාවයකින් පිරි දරු පරපුරක් උදෙසා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නූතනවාදී සංකල්පයක් ලෙස “ඩිජිටල් පරිගණක තිර සහ පරිගණක පරිත්‍යාග කිරීමේ “සක්වල” වැඩසටහනෙහි 13 වන අදියර ඊයේ (02) ආරම්භ විය.

“දේශයේ දරුවන්ට සුහුරු ලොවක දෑත් ඔසවනු පිණිස ක්‍රියාත්මක” සුහුරු පන්ති කාමර සඳහා පරිගණක තාක්ෂණික පුවරු” සහ නවීන පරිගණක පරිත්‍යාග කරන වැඩසටහනක් වන “සක්වල” වැඩසටහනෙන් රුපියල් අට ලක්ෂ හතලිස් හයදහසක් (රු. 846,000.00) වටිනා සුහුරු පන්තිකාමර සඳහා ඩිජිටල් පරිගණක තිර සහ පරිගණක උපකරණ අනුරාධපුර විද්‍යාප්‍රදීප මහා විද්‍යාලයට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් පරිත්‍යාග කිරීම ඊයේ සිදුකෙරිණි.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan