*
Thursday, April 25, 2024
spot_img

Latest Posts

අතවනන දේශගුණික අර්බුදය මැද සූර්ය පැනල ව්‍යාපෘතිය ‘බලශක්ති අර්බුදයට’ විසඳුමක් වේවි!

පුනර්ජනනීය බලශක්ති වැඩපිළිවෙලක් ලෙස වික්ටෝරියා, රන්දෙණිගල ඇතුළු මහා පරිමාණ මහැවැලි ජලාශ වල පාවෙන සූර්ය පැනල ස්ථාපිත කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කිරීමට නියමිතව තිබේ.

වාර්මාර්ග අමාත්‍ය හා රාජ්‍ය ආරක්ෂක ආපදා කළමනාකරණ හා ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසා සිටියේ අදාළ ව්‍යාපෘතිය හරහා ජනනය වන විදුලිය ජාතික විදුලි සැපයුමට එකතු වනු ඇති බවත්, මෙමඟින් මහා පරිමාණ ජලාශ වල වාෂ්පීකරණ අනුපාතය (ratio of evaporation) අවම කිරීම හැකිවනු ඇති බවත් ය.

මේ වන විට දිවයින තුළ පවතින වැව් හතලිස් දහසකින් (40,000) ග්‍රාමීය වැව් 5,000 ක් වසර පහක කාලයක දී ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වන අතර, දැනටමත් වැව් 1,500 ක ප්‍රතිසංස්කරණ කටයුතු නිමාකර ඇති බව ද ඒ මහතා පැවසීය.

මෙමඟින් ග්‍රාමීය ආර්ථිකය නංවාලීමටත්, පානීය ජලය සැපයීමටත් හැකි වන අතර, ග්‍රාමීය ව්‍යවසායකයන්ට උපකාර කිරීම සඳහා ග්‍රාමීය මට්ටමින් කර්මාන්තශාලා පිහිටුවීම අරමුණු කොට ගෙන තවත් ව්‍යාපෘති කිහිපයක්ම සැලසුම් කර ඇති බව ද හෙතෙම සඳහන් කළේය.

විශාල වශයෙන් ආනයනය කර තිබූ බෝග කිහිපයක්ම දේශීය වගා කිරීමේ හැකියාව ද ලැබී තිබෙන අතර, එම වැඩපිළිවෙල ද සාර්ථක බව චමල් රාජපක්ෂ මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

සූර්ය පැනල ස්ථාපිත කිරීමේ වැඩපිළවෙල සම්බන්ධයෙන් පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ විද්වතුන් පවසන්නේ, එය මුළුමහත් ලොවක් වශයෙන් අතවනන දේශගුණික අර්බුදය හා රටතුළ පවතින බලශක්ති ඌනතාවය හමුවේ සාර්ථක යෙදුමක් ලෙස විග්‍රහ කළ හැකි බවයි.

කෙසේවෙතත්, කුඩා දිවයිනක් වන ශ්‍රී ලංකාවේ ජලාශ ඉලක්කකර ගනිමින් ස්ථාපිත කරන මෙවන් සූර්ය පැනල ආශ්‍රිතව මතුවිය හැකි පාරිසරික සෘණාත්මක බලපෑම් කෙරේ ද අවධානය යොමුකිරීම යෝග්‍ය බවයි ඔවුන් අවධාරණය කරන්නේ.

පාවෙන සූර්ය පැනල ස්ථාපිත කිරීම හරහා ජලජ පරිසර පද්ධති වල ජීවත් වන ශාක හා සතුන්ගේ වර්ධනයට අවශ්‍ය වන සූර්යාලෝකය අවහිර වීම මීට උදාහරණයක් ලෙස ඔවුහු පෙන්වා දෙති. ඒ තුළින් ආහාර දාම, ශාක හා මිනිසා ද ඇතුළු සියලු සතුන් එකිනෙක සම්බන්ධ කරන ස්වභාවික තුලනය කෙරේ යම් යම් බලපෑම් ඇතිවිය හැකි බවට විද්වතුන්ගේ මතයයි.

එබැවින්, මෙවන් ව්‍යාපෘතියක් දියත් කිරීම හරහා බලශක්ති අර්බුදයට විසඳුමක් ලබා දෙන අතරම, උක්ත කරුණු කෙරේ අවධානය යොමුකරමින් හානිය අවම වන පරිදි එය ක්‍රියාත්මක කළ යුතු බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

ඒ අනුව, සූර්ය පැනල ව්‍යාපෘතියේ ශක්‍යතා අධ්‍යයනයෙන් පසුව නිසි පාරිසරික හා සමුද්‍ර ජීවී තක්සේරු වාර්තාවක් තිබිය යුතු බවත්, එම වාර්තාව ව්‍යෘපෘතිය ක්‍රියාත්මක කිරීමට ප්‍රථම ප්‍රසිද්ධියට පත්කොට ජනතාව මේ පිළිබඳව දැනුවත් කළ යුතු බවත් ඔවුහු වැඩිදුරටත් අවධාරණය කළහ.

MIAP

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan