ඇමති මණ්ඩලයේ ඉන්න ජාවාරම්කාරක් ගැන විපක්ෂ නායකගේ හෙළිදරව්ව මෙන්න! (VIDEO)

Date:

කොළඹ LNW:බංකොලොත් රටකත් ඇමති මණ්ඩලයේම ඖෂධ ජාවාරම්කරුවන් සිටින අතර ඊට හොඳම නිදසුන ඉමියුනෝග්බියුලින් නම් අත්‍යාවශ්‍ය ඖෂධය සම්බන්ධයෙන් මතු වූ ප්‍රශ්නසහගත තත්ත්වය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

එම අත්‍යාවශ්‍ය ඖෂධයට විවිධ දේවල් මිශ්‍ර කර බාල, ගුණාත්මකභාවයෙන් පහළ ඖෂධ ජනතාවට ලබා දී ඇති බවත් කිසිදු බියක් සැකයක් නොමැතිව ඇමතිවරයා සහ නිලධාරීන් වංචා සහගත දූෂිත ක්‍රියාවල නියැලී ගුණාත්මකභාවයෙන් පහළ ඖෂධ ජනතාවට නිකුත් කර ඇති බවත් විපක්ෂ නායකවරයා සඳහන් කරයි.

මිට අමතරව තවත් ඖෂධ රැසක් නිසා ජනතාව විපතට පත්ව ඇති බවත් බාල බෙහෙත් නිසා ඇස් පෙනීම නැති වූ විශාල ප්‍රමාණයක් නුවරඑළිය දිස්ත්‍රික්කයේ පමණක් සිටින බවත් මෙවන් තත්ත්වයක් තුළ ණය ගෙවා ගත නොහැකිව රට බංකොලොත් වී කර්මාන්තශාලා වැසී විරැකියාව වැඩි වී ඇති රටකත් ඖෂධවලින් හොරකම් කිරීම සාපරාධී ක්‍රියාවක් බවයි ඔහු පෙන්වාදෙන්නේ.

මෙවැනි වැරදි ගණනාවක් සිදු කළ අය අදටත් ඇමති මණ්ඩලයේ සාමාජිකයන් බවත් මේ බාල ඖෂධ නිකුත් කිරීමේ වංචාවට සෞඛ්‍ය ඇමතිවරයා, නිලධාරීන් පමණක් නොව සෞඛ්‍ය ඇමතිවරයාට විරුද්ධව ගෙන ආ විශ්වාසභංගයේ දී ඔහු වෙනුවෙන් අත ඉස්සු 113 දෙනාත් වගකිව යුතු බවත් මොවුන් තවමත් ඇමති මණ්ඩලයේ සිටින විට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අනාගතය ගැන විශ්වාසයක් නොමැති බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් අවධාරණය කරයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

භාෂිගේ ප්‍රතිශතය සියයට 98

නිශ්මං රණසිංහ ජුනි 29, කොළඹ LNW: ඉන්දියාවට එරෙහිව අද ශ්‍රී...

කතරගම පඬුරුවලින් රෝහල් හදන බස්නායක නිලමේ

රුහුණු රටේ තෙද නාමය ලොවම සුපතල කළ ‘රුහුණු මහා...

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග අංශය වසා දමයි !

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග වාට්ටුව (Neurosurgical ward )...

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය 

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය