ශ්‍රී ලංකා රජය සහ ලෝක බැංකුව ඩො. මි. 150 ක මූල්‍ය ගිවිසුමක් අත්සන් කරයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි , 03 කොළඹ (LNW): ශ්‍රී ලංකාවේ මූල්‍ය අංශයේ ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීම සඳහා මූල්‍ය අංශයේ ආරක්ෂණ ජාලය ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතිය හරහා ශ්‍රී ලංකා රජය සහ ලෝක බැංකුව අතර ඩොලර් මිලියන 150 මූල්‍ය පහසුකමක් ලබා ගැනීම සඳහා අත්සන් තබනු ලැබීය. මීට සමගාමීව, ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ විධි විධාන සම්බන්ධයෙන් ලෝක බැංකුව සහ ශ්‍රී ලංකා මහ බැංකුව අතර ව්‍යාපෘති ගිවිසුමටද ඇතුලත් වී ඇත.

මෙහි ව්‍යාපෘති සංවර්ධන පරමාර්ථය වන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කළමණාකරණය කරනු ලබන ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමය(SLDIS) කෙරෙහි අවධානය යොමු කරමින් ශ්‍රී ලංකාවේ මූල්‍ය අංශයේ ආරක්ෂණ ජාලය ශක්තිමත් කිරීමයි. තැන්පතු රක්ෂණයෙහි ඵලදායීතාවය සඳහා ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ඉහලම භාවිතයන්ට අනුකූලව ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයෙහි මූල්‍ය හා ආයතනික ධාරිතාව ඉහල නැංවීමද ව්‍යාපෘතියෙහි අරමුණ වේ. 

මෙම මූල්‍ය අංශයේ ආරක්ෂණ ජාලය ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතියෙහි නියෝජිත ආයතනය ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු කරයි.. 2023 අංක 17 දරන බැංකු (විශේෂ විධි විධාන) පනත බලාත්මක කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ තැන්පතු රක්ෂණ ක්‍රමය නීත්‍යානුකූලව ස්ථාපිත කර ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ ක්‍රමය ලෙස නම් කර ඇත.

මහා භාණ්ඩාගාරික ලේකම් මහින්ද සිරිවර්ධන මහතාද, ලෝක බැංකු මාලදිවයින , නේපාලය සහ ශ්‍රී ලංකාව සඳහා වන අධ්‍යක්ෂ ෆාරිස් හඩාඩ්-සර්වොස්   මහතාද, මහ බැංකු අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ යන මහත්වරුන් ශ්‍රී ලංකා රජය,  ලෝක බැංකුව සහ ශ්‍රී ලංකා මහ බැංකුව නියෝජනය කරනු ලැබීය.  ලෝක බැංකුවේ දකුණු ආසියාවේ කලාපීය උප සභාපති මාර්ටින් රයිසර් මහතා අත්සන් කිරීමේ උත්සවයට සහභාගී විය. 

 “යෝජිත ණය මුදල ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සංචිත සහ ගෙවීමේ හැකියාව ඉහළ නංවන අතර තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමය ජාත්‍යන්තරව පිළිගත් තැන්පතු රක්ෂණ ක්‍රමවේද සමඟ වඩාත් සමපාත වීමට පහසුකම් සපයයි.  මෙම පියවරයන් මූල්‍ය පද්ධතිය කෙරෙහි තැන්පතුකරුවන්ගේ විශ්වාසය ගොඩනඟා රටේ මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වයට මඟ පාදයි.  එබැවින් මෙම මූල්‍ය පහසුකම මඟින් ලෝක බැංකුවේ සහාය ලබා දීම කාලෝචිත පියවරක් ලෙස සලකනු ලැබේ” යැයි ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කලේය. 

“ස්ථාවර සහ විශ්වාසනීය මූල්‍ය අංශයක් සඳහා ශ්‍රී ලංකාවේ ආර්ථික පුනර්ජීවනය හා තිරසාර සංවර්ධනය ඉතා වැදගත් වේ. තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමය ශක්තිමත් කිරීම සඳහා මූල්‍ය අංශයේ ආරක්ෂණ ජාලය ශක්තිමත් කිරීම මඟින් ග්‍රාමීය ප්‍රදේශවල ජීවත් වන කාන්තාවන් සහ ජනතාව ඇතුළු කුඩා තැන්පත්කරුවන්ගේ ඉතුරුම් සුරක්ෂිත කරනු ඇත. මෙම ක්‍රමය මඟින් රැකියා උත්පාදනය, ව්‍යාපාර වර්ධනය සහ ශ්‍රී ලාංකික ජනතාවගේ මූල්‍ය යහපැවැත්ම වැඩි දියුණු කිරීමට මඟ පාදනු ඇත” ලෝක බැංකුවේ මාලදිවයින, නේපාලය, සහ ශ්‍රී ලංකාව සඳහා වන අධ්‍යක්ෂ මූල්‍ය අංශයේ ආරක්ෂණ ජාලය ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතියෙහි මාල දිවයින්, නේපාලය සහ ශ්‍රී ලංකාව සඳහා අධ්‍යක්ෂ ෆාරිස් හඩාඩ්-සර්වොස්  මහතාගේ අදහස විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

භාෂිගේ ප්‍රතිශතය සියයට 98

නිශ්මං රණසිංහ ජුනි 29, කොළඹ LNW: ඉන්දියාවට එරෙහිව අද ශ්‍රී...

කතරගම පඬුරුවලින් රෝහල් හදන බස්නායක නිලමේ

රුහුණු රටේ තෙද නාමය ලොවම සුපතල කළ ‘රුහුණු මහා...

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග අංශය වසා දමයි !

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග වාට්ටුව (Neurosurgical ward )...

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය 

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය