හොලිවුඩයේ වෙදර් එක චේන්ජ් කරපු “කාල් වෙදර්ස්”!

සටහන – නිපුනි ලියනගේ

පෙබරවාරි 03, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 948 ජනවාරි 14 දින නිව් ඕර්ලියන්ස් හි උපත ලද කාල් වෙදර්ස්; ඇමරිකානු නළුවෙක්, අධ්‍යක්ෂකවරයෙක් සහ පාපන්දු ලයින්බැක්කරුවෙකි.

Deadline

වයස අවුරුදු 76 පසු කරමින් සිටි කාල් වෙදර්ස් අද(03) දින මිය ගොස් ඇති බව ඔහුගේ පවුලේ අයවලුන් ප්‍රකාශයට පත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පළමු රොකී චිත්‍රපට හතරේ “ඇපලෝ ක්‍රීඩ්” ලෙස රඟපෑ වෙදර්ස් සුව නින්දෙන්ම සාමකාමීව මිය ගොස් ඇති බව ඔහුගේ පවුලේ අය විසින් නිකුත් කරන ලද ප්‍රකාශයේ වැඩිදුරටත් සඳහන් විය.

ඔහුගේ අනෙකුත් චිත්‍රපට අතර ආර්නෝල්ඩ් ෂ්වාස්නෙගර් සමඟ රඟ පෑ ‘ප්‍රෙඩේටර්’, සහ ඇඩම් සැන්ඩ්ලර්ගේ ‘හැපි ගිල්මෝර් ද ඇතුළත් වේ.

Geektyrant

NFL ලයින්බැකර්වරයෙකු ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ වෙදර්ස්, “අසාමාන්‍ය ජීවිතයක් ගත කළ සුවිශේෂී මිනිසෙකි.”

චිත්‍රපට, රූපවාහිනිය, කලාව පමණක් නොව ක්‍රීඩාව සඳහා ඔහු කළ දායකත්වය තුළින් නොමැකෙන සලකුණක් තැබූ ඔහු, ලොව පුරා සහ පරම්පරා ගණනාවක් පුරා පිළිගැනීමට ලක්වූ චරිතයකි.

වෙදර්ස් ආදරණීය සහෝදරයෙක්, පියෙක්, සීයෙක්, සහකරුවෙක් වගේම හොඳ මිතුරෙක් විය.

මලල ක්‍රීඩකයෙකු බවට පත් වූ නළුවා, ක්‍රියාදාම චිත්‍රපටවල ඇක්ෂන් දැමීමෙන් පමණක් නොව ඔහු හාස්‍ය චිත්‍රපට කෙරෙහි ද සිය දායකත්වය ලබා දුනි.

‘කාල් වෙදර්ස් සැමවිටම පුරාවෘත්තයක් වනු ඇතැයි’ ඔහුගේ සම කාලීන -නළු, ඇක්ෂන් චිත්‍රපට කලාවේ සුපිරි තරුවක් වූ Schwarzenegger විසින් X හි සටහනක් ද තබා තිබිණි.

හොලිවුඩයේ වසර 50කට අධික ඔහුගේ වෘත්තීය ජීවිතය තුළ ඔහු චිත්‍රපට සහ රූපවාහිනී වැඩසටහන් 75කට අධික සංඛ්‍යාවක පෙනී සිටි බව ද නොරහසකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“Instagram is for girls” — Elon Musk ගේ එක වාක්‍යයෙන් Internet එක උණුසුම් වෙයි!

සටහන : පුලී ඔක්තෝම්බර් 03, LNW (කොළඹ); ලෝක ප්‍රකට ව්‍යාපාරිකයෙකු...

යේමනයේ ගැටුම් උත්සන්න වෙයි; හූති සටන්කාමීන් සිය ගණනක් මරුට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 03: යේමනයේ රජයේ...

ශක්තිමත් සහ විනිවිදභාවයෙන් යුත් දේශපාලන පක්ෂ වෙනුවෙන් ජාත්‍යන්තරයේ අවධානයට!

කොළඹ LNW:බෙල්ජියමේ බ්‍රසල්ස් නුවරදී පැවති "Political Parties Under Pressure...

ගල්කිස්සේ මාරක අනතුරක්. 67 හැවිරිදි පුද්ගලයෙක් මරුට!

කොළඹ LNW:ගල්කිස්ස, ගොළුමඩම බොරුපන අතුරු මාර්ගයේදී සිදු වූ අනතුරකින්...