චිලියේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කෙරේ

Date:

සටහන : සශිකලා මධුෂාණි,

පෙබරවාරි 03, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ලැව්ගිනි පැතිරීමට එරෙහිව සටන් කරමින් සිටින චිලී රට මේ වන විට හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කර තිබේ.

මේ වන විට අවම වශයෙන් පුද්ගලයින් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර චිලියේ ජනාධිපති ගේබ්‍රියෙල් බෝරික් සිය සමාජ මාධ්‍ය ගිණුමෙහි සඳහන් කර තිබුණේ, ලැව්ගිනිවලට එරෙහි සටනට සියලු බලවේග යොදවා ඇති බවයි.

කාලගුණ වෙනස්කම් හේතුවෙන් දකුණු ඇමරිකාවේ දකුණු ප්‍රදේශයට බලපාන ගිම්හාන තාප තරංගයක් සහ නියඟයක් හේතුවෙන් මෙම ගිනිදැල් හටගෙන ඇති අතර ඊයේ(02)දිනයේ මධ්‍යම චිලියේ ඇරඹි ලැව්ගිනි හේතුවෙන් මේ වන විට හෙක්ටයාර 7,000ක් විනාශයට පත්ව ඇති බවට ගණන් බලා තිබේ.

මේ සම්බන්ධයෙන් කාලගුණ විද්යාඥයන් පුරෝකථන ඉදිරිපත් කර ඇත්තේ චිලී සහ කොලොම්බියාව ඉහළ යන උෂ්ණත්වය සමඟ සටන් කරන විට, ඉදිරි දිනවලදී තාප තරංගය ආර්ජන්ටිනාව, පැරගුවේ සහ බ්‍රසීලය පුරා පැතිරීමේ තර්ජනයක් පවතින බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Kuril Islands ආසන්නයේ අදත් භූමිකම්පාවක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 03, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අද...

ප්‍රචණ්ඩත්වය සහ නවකවදයට කිසිදු සමාවක් නෑ – අග්‍රාමාත්‍ය හරිනි

රෂිකා හෙන්නායක අගෝස්තු 03, කොළඹ LNW: වව්නියාව විශ්වවිද්‍යාලයේ අභිනවයෙන් ඉදි...

බංග්ලාදේශයේ හිටපු නායිකා ෂෙයික් හසීනාට එරෙහි නඩු විභාගය ඇරඹේ

සටහන: සශිකලා මධුෂාණිඅගෝස්තු 03; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බංග්ලාදේශ නායිකා ෂෙයික්...