රටේ තිබුණේ කැපිලි කෙටිලි දේශපාලනයක් – නවින්

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි , 03 කොළඹ (LNW): මීට පෙර, කෑගල්ල දිස්ත්‍රික්කය තුළ හොඳ නායකත්වයක් ගොඩ නැගීමට ඉඩ ලබා දී නොමැති බව සබරගමු පළාත් ආණ්ඩුකාර අධිනීතිඥ නවින් දිසානායක මහතා පවසයි.

කැපිලි කෙටිලි දේශපාලනයක් පවතින බවත් කවුරුන් හෝ ඉදිරියට එන විට එම ගමන නවතන දේශපාලනයක් පවතින බවද ඔහු කියා සිටියේය.

එහිදී අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ වැඩක් කළ හැකි පිරිසක් සමඟ ජනතාව සිටගත යුතු බවයි.

නවීන් දිසානායක මහතා එහිදී ප්‍රකාශ කළේ, සජිත් ප්‍රේමදාස මහතා දෙවැනි පෙළේ සිටිය යුතු බව තමා මීට පෙර පැවසුව ද එතුමා වෙනත් පක්ෂයක් සදාගෙන ගිය බවයි.

නවින් දිසානායක මහතා මේ බව ප්‍රකාශ කළේ කෑගල්ල රතඹලාවත්ත ප්‍රදේශයේ සබරගමු පළාත් ආණ්ඩුකාර උප කාර්‍යාලයක් විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW:වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා...

සමාජ මාධ්‍යවලින් දරුවන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් එයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සමාජ මාධ්‍ය වේදිකා හරහා ළමුන්ට වන හානියෙන්...

මූල්‍ය වංචා සහ සූදු ජාවාරම් මෙහෙයවූ පුද්ගලයින් සිව්දෙනෙකුට චීනය විසින් මරණ දඬුවම ක්‍රියාත්මක කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මියන්මාරය කේන්ද්‍ර කරගනිමින්...

මහජන අවශ්‍යතා මත චීන ණය ගිවිසුම ප්‍රසිද්ධ කරන ලෙස RTIC නියෝග කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, කොළඹ LNW : ශ්‍රී ලංකා රජය...