“මම වරදක් කළා, මිනිස්සු පරිපූර්ණ නැහැ,” – නිල රථය අවභාවිත කළ ඕස්ට්‍රේලියානු ප්‍රවාහන ඇමතිනිය ඉල්ලා අස්වෙයි!

Date:

කොළඹ LNW:ඕස්ට්‍රේලියානු නව රජයේ නිව් වේල්ස් හි ප්‍රවාහන අමාත්‍යවරිය වන ජෝ හෙලන් සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි ඊට හේතුව වී ඇත්තේ ඇයගේ රාජකාරී සඳහා ලබාදී තිබෙන මෝටර් රථය පෞද්ගලික අවශ්‍යතාවකට යොදා ගැනීමයි.

අමාත්‍යවරිය හා කම්කරු පක්ෂයේ ඉදිරි පෙළ මන්ත්‍රී රෝස් ජැක්සන් දිවා ආහාරයකට යාමත් ඒ අතර තුර ඇයගේ දරුවා ක්‍රීඩා කටයුතු සඳහා රැගෙන යාමත් අමාත්‍යවරිය සිදුකර ඇති වරද ලෙස දක්වා ඇති අතර රජයෙන් ලබා දී තිබෙන රියදුරුද එම ගමනට භාවිතා කර ඇති බවයි දැක්වෙන්නේ.

ඒ අනුව ඇය බදු ගෙවන ජනතාවගේ මුදල් අවභාවිත කර ඇති බවට ඇයට චෝදනා එල්ල වී තිබේ.

රජයේ රියදුරුද යොදා ගනිමින් ඇය සිය නිල රථයෙන් කිලෝ මීටර් 446 ක පෞද්හලික සංචාරයක් සිදුකර ඇත.

ජනතාව ඉදිරියේ ඇය සිය වරද පිළිගෙන තිබෙන අතර ඇයගේ ඉල්ලා අස්වීමද භාර දී ඇති බවත් දැක්වෙයි.

“මම වරදක් කළා, මිනිස්සු පරිපූර්ණ නැහැ,” යනුවෙන් ඇය සිය වරද ජනතාව හමුවේ පිළිගෙන ඇත.

එහෙත් ඇය සමර් හිල් හි ඇගේ ප්‍රාදේශීය මැතිවරණ කොට්ඨාශයේ සේවය කිරීම අඛණ්ඩව සිදුකරන බවද වාර්තා කර තිබේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලන්ඩන් ව්‍යාපාරිකයෙකුගෙන් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රු. මිලියන 10ක පරිත්‍යාගක්!

"දිට්වා" සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට...

ව්‍යාපාරිකයකුට වෙඩිතැබීමට පැමිණි සිව්දෙනෙක් අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල මට්ටක්කුලිය, කදිරානවත්ත පාලම අසලදී ව්‍යාපාරිකයෙකු වෙඩිතබා...

9 දා බැරිවෙච්චි අයට, 11 දා FREE.

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන්...

දිල්රංගගේ රංගයට තිරය වසන්න එපා!

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: මීටර් 200 ධාවන පථයක...