ට්‍රම්ප්ගේ තීරණ තෙල් මිලටත් බලපාලා!

Date:

රෂිකා හෙන්නායක පෙබරවාරි 04 ,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

කැනඩාවට සහ මෙක්සිකෝවට ජනපති ට්‍රම්ප් විසින් පැනවූ 25%ක තීරුබද්දත් සමග ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ඉහළයාමේ ප්‍රවණතාවක් පෙන්නුම් කළ අතර, දීර්ඝ කාලීනව තීරුබදුවල බලපෑමෙන් ගෝලීය ආර්ථික වර්ධනය මන්දගාමී වීම තේල් සඳහා ඉල්ලුම අවදානමට ලක්කරන බැවින් පසුගිය දින කිහිපය තුළ සමස්ථයක් වශයෙන් තෙල් මිල අඩුවීමක් වාර්තා වී ඇත.

කැනඩාව සහ මෙක්සිකෝව අමෙරිකා එක්සත් ජනපදයට බොරතෙල් සපයන ප්‍රධාන සැපයුම්කරුවන් දෙදෙනෙක් වන අතර, කැනඩාව සහ මෙක්සිකෝව සමග අමෙරිකා එක්සත් ජනපදය තාවකාලිකව හෝ එකඟත්වයකට පැමිණීම නිසා තෙල් මිල යම් අන්දමකින් ස්ථාවර වී ඇති බව වෙළෙඳපොළ විශ්ලේශකයන් පෙන්වා දෙනු ලබයි.

තවද, අමෙරිකාව විසින් චීනයට පැනවූ 10%ක තීරුබද්ද ක්‍රියාත්මක වීමත් සමග අමෙරිකානු WTI බොරතෙල් මිල 2%කින් පමණ කැපී පෙනෙන ලෙස අද පහත වැටුණු අතර, WTI තෙල් බැරලයක මිල සටහන් වන්නේ ඩොලර් 72කට අඩු මිලකට බව වාර්තා වේ.

බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ද 1.2%කින් පහත වැටෙමින් ඩොලර් 75ක් ලෙස සටහන්ව ඇති අතර,වෙළෙඳපොළ විශ්ලේෂකයන් පෙන්වා දී ඇත්තේ, අමෙරිකාවේ බදු මෙන්ම චීනය විසින් අමෙරිකානු බොරතෙල් සහ LNG අපනයනයන්ට පැනවූ 15%ක බද්ද ද මීට හේතු වී ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

21 මේ ආණ්ඩුවේ අවසානයේ ආරම්භ සටහන් කරවනවා – ගම්මන්පිල

කොළඹ LNW: මහා වැසි වැස්සත්, මහා සුළං හැමුවත්, ආණ්ඩුව...

වියට්නාමය සහ උතුරු පළාත අතර සහයෝගීතාව වෙනුවෙන් අලුත් වැඩක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 20, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ වියට්නාම්...

රැලියට කලින්ම මාලිමාව තංගල්ලේ අයවැය පරදී !

ජාතික ජන බලවේගයට බලය හිමි තංගල්ල නගර සභාවේ මංගල...

මිනිස් ජාවාරමට වරදකරු වූ පිලිපීන නගරාධිපතිනියට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 20, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පිලිපීන පුරවැසියෙකු ලෙස...