උතුරේ කළු කොඩි ඔසවමින් අතුරුදන්වූවන්ගේ ඥාතීන් විරෝධතාවක!

Date:

රෂිකා හෙන්නායක පෙබරවාරි 04, කොළඹ (LNW):

අද (04) දිනයේදී උතුරු ජනතාව තැනින් තැන කළු කොඩි ඔසවා විරෝධතාවයක නිරත වූ අතර, තමන්ගේ අතුරුදන්වූ ඥාතීන් නොමැතිවීම හා උතුරේ අහිමි වූ සිය ඉඩම් නොමැතිව ඔවුන්ට නිදහසක් නොමැති බව පවසමින් උතුරු ජනතාව මෙලෙස කළු කොඩි ඔසවමින් විරෝධතා වැඩසටහනක් සංවිධානය කර තිබුණි.

තවද, යාපනය විශ්වවිද්‍යාලයේ ද කළු කොඩි ඔසවා කළු පටි පැළඳගෙන එම සිසුන් විරෝධතාවක නිරත විය. විරෝධතාවයට එක්වූ අතුරුදන්වූවන්ගේ ඥාතීන් පැවසුවේ යුද්ධය නිමාවී වසර 16ක් ගතවී ඇතත් තමන්ගේ අතුරුදන් වූ ඥාතීන් සම්බන්ධව කිසිදු තොරතුරක් නොමැති බවය, වර්තමාන පාලකයින් හරහාද අතුරුදන්වූන්ගේ ගැටළුවලට නිසි පිළිතුරක් නොලැබෙන බව පෙනී යන බවත් වර්තමාන පාලකයින්ද ජනතාව රවටමින් සිටින බවත් ඔවුන් චෝදනා කරයි.

සමස්ත ලංකා දෙමළ කොංග්‍රස් පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම්,ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවඥානම් ශ්‍රීධරන් ඇතුළු දේශපාලන පක්ෂ නියෝජිතයින්ද මෙම විරෝධය සඳහා සහභාගී වී ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එස්එස්සී ඉහළට

නිශ්මං රණසිංහ ජනවාරි 26, කොළඹ LNW: ඉකුත් වසරේ දක්වන ලද...

ඉරානයට පහර දුන්නොත් ‘සම්පූර්ණ යුද්ධයක්’ ඇති වන බවට ඉරාකයේ Kataib Hezbollah සංවිධානය අනතුරු අඟවයි

රෂිකා හෙන්නායක ජනවාරි 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත්...

චීනයේ ඉහලම ජෙනරාල්වරයකු න්‍යෂ්ටික හා මිසයිල සම්බන්ධ රාජ්‍ය රහස් එක්සත් ජනපදයට කාන්දු කළ බවට චෝදනා ලබයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 26: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ජ්‍යෙෂ්ඨතම හමුදා...

2025 අපනයන ආදායමේ කැපී පෙනෙන වෙනසක් – වෙලා තියෙන වෙනස මෙන්න!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: 2025 දී ශ්‍රී ලංකාවේ අපනයන අංශය...