උතුරේ කළු කොඩි ඔසවමින් අතුරුදන්වූවන්ගේ ඥාතීන් විරෝධතාවක!

Date:

රෂිකා හෙන්නායක පෙබරවාරි 04, කොළඹ (LNW):

අද (04) දිනයේදී උතුරු ජනතාව තැනින් තැන කළු කොඩි ඔසවා විරෝධතාවයක නිරත වූ අතර, තමන්ගේ අතුරුදන්වූ ඥාතීන් නොමැතිවීම හා උතුරේ අහිමි වූ සිය ඉඩම් නොමැතිව ඔවුන්ට නිදහසක් නොමැති බව පවසමින් උතුරු ජනතාව මෙලෙස කළු කොඩි ඔසවමින් විරෝධතා වැඩසටහනක් සංවිධානය කර තිබුණි.

තවද, යාපනය විශ්වවිද්‍යාලයේ ද කළු කොඩි ඔසවා කළු පටි පැළඳගෙන එම සිසුන් විරෝධතාවක නිරත විය. විරෝධතාවයට එක්වූ අතුරුදන්වූවන්ගේ ඥාතීන් පැවසුවේ යුද්ධය නිමාවී වසර 16ක් ගතවී ඇතත් තමන්ගේ අතුරුදන් වූ ඥාතීන් සම්බන්ධව කිසිදු තොරතුරක් නොමැති බවය, වර්තමාන පාලකයින් හරහාද අතුරුදන්වූන්ගේ ගැටළුවලට නිසි පිළිතුරක් නොලැබෙන බව පෙනී යන බවත් වර්තමාන පාලකයින්ද ජනතාව රවටමින් සිටින බවත් ඔවුන් චෝදනා කරයි.

සමස්ත ලංකා දෙමළ කොංග්‍රස් පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම්,ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවඥානම් ශ්‍රීධරන් ඇතුළු දේශපාලන පක්ෂ නියෝජිතයින්ද මෙම විරෝධය සඳහා සහභාගී වී ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දලයි ලාමාතුමා ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලබයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු සතිඅන්තයේ අති...

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW:වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා...

සමාජ මාධ්‍යවලින් දරුවන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් එයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සමාජ මාධ්‍ය වේදිකා හරහා ළමුන්ට වන හානියෙන්...