නිතර පුවත් මවන්නෙකු වී සිටින කෝටිපති ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා හෙලිකොප්ටරයක් මිලදී ගැනීම සඳහා සිංගප්පූරුවට ගොස් ඇති බව වාර්තා වේ.
මේ වනවිට ඒ මහතා සිංගප්පූරුවේ රැඳී සිටිමින් ඩොලර් මිලියන 9කට පමණ හෙලිකොප්ටරයක් මිලදී ගැනීම සඳහා සාකච්ඡා පවත්වමින් සිටින බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.
බොහෝදුරට අද (04) හෝ හෙට දිනයේදී එය මිලදී ගැනීම සිදුවනු ඇති බවත් ඒ මහතාගේ සමීප ආරංචිමාර්ග ප්‍රකාශ කළේය.
අරලිය සහල් ව්‍යාපාරය ඇතුළු ව්‍යාපාර 25ක හිමිකරුවකු වන ඩඩ්ලි සිරිසේන මහතා පසුගිය දිනවල මාධ්‍ය සහ සමාජ මාධ්‍ය තුළ ආන්දෝලනයට ලක්වූයේ අධි සුඛෝපභෝගී රොල්ස් රොයිස් මෝටර් රථයක් මිලදී ගැනීම හේතුවෙනි.


