ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැතිගෙන් පොරොන්දුවක් …

Date:

ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසන්නේ මහාමාර්ග අමාත්‍යාංශයේ ව්‍යාපෘතිවලට සම්බන්ධ මුදල් ගෙවා නැති කොන්ත්‍රාත්කරුවන්ට සියලු මුදල් සිංහල අලුත් අවුරුද්දට පෙර ගෙවා නිම කරන බවයි.

ඇමැතිවරයා මෙම අදහස් පළ කළේ මඟ නැඟුම ඉදිකිරීම් හා යන්ත්‍රෝපකරණ සමාගම මඟින් සිදුකළ මාර්ග ඉදිකිරීම් ව්‍යාපෘතිවලට සම්බන්ධව ගෙවීම් ප්‍රමාද වී තිබෙන ඉදිකිරීම් සමාගම්වල නියෝජිතයන් පිරිසක් සමඟ පැවති විශේෂ සාකච්ඡාවකට එක් වෙමිනි. බත්තරමුල්ල- සෙත්සිරිපාය ප්‍රවාහන අමාත්‍යාංශය ශ්‍රවණාගාරයේදී මෙය පවත්වන ලදී.

අමාත්‍යවරයා වැඩිදුරටත් පැහැදිලි කරන්නේ ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක මඟ නැඟුම ඉදිකිරීම් හා යන්ත්‍රෝපකරණ ආයතනය මඟින් මාර්ග ඉදිකිරීම් කොන්ත්‍රාත් සිදුකර ගෙවීම් ප්‍රමාද වී ඇති සියලුම ඉදිකිරීම් සමාගම්වලට සහ මෙතෙක් ගෙවීම් ප්‍රමාද වූ සියලු ඉදිකිරීම් කරුවන්ට හිමි විය යුතු සියලුම මුදල් එළඹෙන සිංහල හින්දු අලුත් අවුරුද්දට පෙර ගෙවා නිම කිරීමට කටයුතු කරන බවයි.

රට තුළ ඉතා විශාල ආර්ථික අර්බුද තත්ත්වයක් පැන නැඟී තිබුණත් මේ වන විට ඉදිකිරීම් ඇනහිටීමෙන් සහ හිඟ මුදල් නොලැබීම හේතුවෙන් අපහසුතාවයට පත්ව සිටින ඉදිකිරීම් සමාගම්වලට ගෙවිය යුතු මුදල් ගෙවා අවසන් කිරීම සඳහා මහා භාණ්ඩාගාරය මඟින් රුපියල් බිලියන 11.6ක භාණ්ඩාගාර බැඳුම්කරයක්‌ ලබා දී තිබෙනවා. එය වට්ටම් කිරීමෙන් අනතුරුව මෙම සියලුම මුදල් ගෙවීමේ කටයුතු සිදු කිරීමට කටයුතු කරනු ඇති. එතෙක් අද (02/03) දිනම ගෙවීමට ඇති මුදලින් 40 %ක කොටසක් එම සියලුම සමාගම් වෙත ගිණුම්ගත කිරීමට ද ඇමැතිවරයා විසින් නිලධාරීන් වෙත උපදෙස් ලබා දුන්නේ ය.

එසේම මාර්තු 30 වැනිදාට ප්‍රථම තවත් 30% ක මුදලක්ද, ඉතිරි 30%ක කොටස සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර ගෙවා අවසන් කිරීමටද සියලු කටයුතු සුදානම් කර අවසන් බව ඇමැතිවරයා අවධාරණය කෙළේය.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නේපාල විරෝධතාකරුවන් හිටපු අගමැතිගේ බිරිඳ පණපිටින් පුළුස්සා දමයි !

සටහන: සශිකලා මධුෂාණිසැප්තැම්බර් මස 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊයේ(09)දිනයේදී නේපාලයේ තරුණ...

ඊශ්‍රායලය කටාර් රාජ්‍යයේ දෝහා වෙත ගුවන් ප්‍රහාර එල්ල කරයි

සටහන: සශිකලා මධුෂාණිසැප්තැම්බර් මස 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊයේ(09) දිනයේදී...

මේ වසර තුළ පොලිස් නිලධාරීන් 350 කගේ වැඩ තහනම් කර තිබෙනවා – ඇමති ආනන්ද

සටහන - රුවන් නෙළුගොල්ල 2025 වසරේ මේ දක්වා ගතවූ කාලය...