මහජන උපයෝගිතා කොමිසමේ සාමාජිකත්වයෙන් දෙදෙනකු ඉල්ලා අස්වෙලා!

Date:

ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ (PUCSL) සාමාජිකත්වයෙන් මොහාන් සමරනායක සහ උදේනි වික්‍රමසිංහ යන මහත්වරුන් ඉල්ලා අස්වූ බව දන්වා තිබේ.

සිය ඉල්ලා අස්වීමට හේතුව සිය ලිපි මගින් ඔවුන් ජනාධිපතිවරයාට දැනුම් දී ඇත්තේ, මහජන උපයෝගිතා කොමිසම පසුගිය කාල සීමාව තුළ කිසිදු වෘත්තියභාවයකින් තොරව කටයුතු කරමින් සිටීම බවයි.

තවද එම ලිපියේ සදහන් වන ආකාරයට මෑතකදී මහජන උපයෝගිතා කොමිසම තුළට මැරයන් පිරිසක් ඇතුළු වී තමන්ට තර්ජනය කිරීමේ සිදුවීම සහ එම සිදුවීම ඊට පසු දින මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා සාධාරණීකරණය කිරීම මගින් ඒ බව තහවුරු වන බවයි.

එහි දැක්වෙන්නේ, මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා කොමිස‍මේ සෙසු සාමාජිකයින්ගේ කැමැත්තතෙන් තොරව සිය තනි අභිමතය පරිදි තීරණ ගෙන ඒවා නිවේදනය කිරීමත් සිය ඉල්ලා අස්වීමට හේතුවක් බව ය.

මෙවැනි තත්ත්වයන් ‍මත තමන් සමාජය හමුවේ දුෂ්ඨයකු හා සමාන තත්ත්වයකට පත් වී ඇති බව ද ඔවුන් සිය ලිපියේ දක්වා ඇති අතර අදාළ ලිපියේ පිටපත් මේ වනවිට විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා වෙතත්, මහජන උපයෝගිතා කොමිසම වෙතත් යොමු කර ඇතැයි එම කොමිසම පවසයි.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පරාද වී පටන්ගත් කොළඹ උතුර අවසානයේ යූත් කුසලානය දිනා අවසන් කරයි

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: මුහුණ දුන් පළමු තරග...

ශ්‍රී ලංකාවට අදත් අමාරු තරගයක්

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: ආසියානු යොවුන් දැල් පන්දු...

මනූෂගේ මගම යමින් අවබෝධතා ගිවිසුමකින් E-8 වීසා යළි කරළියට

දකුණු කොරියාවේ සෘතුමය රැකියා E-8 වීසා යටතේ නැවතත් සක්‍රිය...