විරෝධතා කරුවන් විසුරුවා හැරේ…

Date:

මරදාන එල්ෆින්ස්ටන් රඟහල අසල විරෝධතාවේ නිරතව සිටි පිරිසක් විසුරැවා හැරීම සඳහා ඊයේ (03) රාත්‍රියේ පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළේය.

විරෝධතාකරුවන් ඊයේ පස්වරුවේ සිට එල්ෆින්ස්ටන් රඟහල ඉදිපිට විරෝධතාවයේ නිරත වූ අතර පසුව උසස් පොලිස් නිලධාරියෙකු පැමිණ එම ස්ථානයෙන් ඉවත් වන ලෙස විරෝධතාකරුවන්ට දැනුම් දුන් අතර ඒ සමඟ එම ස්ථානයේ රැඳී සිටි නීතිඥ නුවන් බෝපගේ සහ පොලිස් නිලධාරීන් අතර උණුසුම් තත්ත්වයක් හටගෙන ඇත. පසුවපොලීසිය අදාළ අධිකරණ නියෝගය ශබ්ද විකාශන යන්ත්‍ර ඔස්සේ විරෝධතාකරුවන්ට දැනුම් දී ඇතත් එම දැනුම්දීම් වලට ද විරෝධතාකරුවන් අනුගත නොවීම හේතුවෙන් ඔවුන් විසුරා හැරීමට රාත්‍රී 9.00ට පමණ පොලීසිය කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කර ඇත. කෙසේ වෙතත් අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ප්‍රකාශ කළේ නිදහස් උත්සවයට එරෙහිව විරෝධතාවක් සංවිධානය කරන බවයි. නමුත් කොල්ලුපිටිය, කොම්පඤ්ඤවීදිය සහ කොටුව පොලිස්බල ප්‍රදේශයට අයත් මාර්ග කිහිපයකට විරෝධතාකරුවන්ට ඇතුළුවීම වළක්වාලමින් අධිකරණ නියෝගයක් ලබා දී තිබේ. කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය මගින් දුම්න්ද නාගමුව, ගල්වැව සිරිධම්ම හිමි, ජෝෂෆ් ස්ටාලින් ඇතුළු පිරිසකට එරහිව මෙම නියෝගය නිකුත් කර ඇති බව පොලීසිය පවසයි .

අද (04) පෙරවරුවේ පැවැත්වෙන නිදහස් දින උළෙලේ ආරක්ෂාව පිළිබඳ අවධානය යොමු කරමින් මෙම නියෝගය නිකුත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා වැඩිදුරටත් පැවසීය .

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරුණෑගල හිටපු නගරාධිපති රට පනින්නද හදන්නේ?

කොළඹ LNW:කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ රටින් පිටව...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 5වන වෙළුම 2025 ජුලි කලාපය හිටිවන හෙළ කවේ නද...

ප්‍රකෝටිපති මස්ක් නව දේශපාලන පක්ෂයක් පිහිටුවන ලකුණු ?

සටහන: සශිකලා මධුෂාණිජුලි 01; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

බස් ගාස්තු සංශෝධනය වෙයි – නව ගාස්තු ජූලි 4 සිට ක්‍රියාත්මකයි!

කොළඹ LNW:එළැඹෙන ජූලි මස 04 වැනි දින සිට බස්...