75 වැනි ජාතික නිදහස් සැමරුම වෙනුවෙන් ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ සුබ පැතුම ..

Date:

ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් මහතා සඳහන් කරන්නේ ශ්‍රී ලංකාවේ 75 වැනි ජාතික නිදහස් දින සැමරුමට සමගාමීව ශ්‍රී ලංකාව සහ එක්සත් ජනපදය අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් හා පුළුල් කර ගැනීමට අපේක්ෂා කරන බවයි.

75 වැනි ජාතික නිදහස් සැමරුම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහ සියලු ශ්‍රී ලාංකික ජනතාවට සුබපැතුම් එක් කරමින් ඇමෙරිකානු ජනාධිපතිවරයා මේ බව පවසයි .

එම සුබපැතුම් පණිවුඩය එක්සත් ජනපදයේ දේශපාලන කටයුතු පිළිබඳ උප රාජ්‍ය ලේකම් වික්ටෝරියා නුලන්ඩ් මහත්මිය පසුගියදා ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වූ අවස්ථාවේ දී ඇය විසින් ජනාධිපතිවරයාට භාර දෙනු ලැබීය .

දෙරටේම ජනතාවගේ සාමකාමී, සමෘද්ධිමත් සහ සුරක්ෂිත අනාගතය වෙනුවෙන් එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර දිගු කාලීන මිත්‍රත්වය සහ දැක්ම ශක්තිමත්ව ඉදිරියට ගෙන යෑමට කටයුතු කරන බව ද ජෝ බයිඩ්න් මහතා එම පණිවිඩයේ කියා තිබේ.

ශ්‍රී ලංකාවේ 75 වැනි ජාතික නිදහස් සැමරුම හා සමගාමීව එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට 75 වසරක් සපිරෙන බවත්, මෙම දිගුකාලීන සබඳතාව කලාපීය සහ ගෝලීය වශයෙන් සාමය සහ සමෘද්ධිය ඉදිරියට ගෙන යෑමට ඉවහල් වන බවත් ඇමෙරිකානු ජනාධිපතිවරයා එහි සඳහන් කර ඇත.

දේශගුණික විපර්යාසවලට එරෙහිව සටන් කිරීම, මිනිස් ජාවාරම මැඬලීම සහ ආරක්ෂිත නිදහස් සහ විවෘත ඉන්දු පැසිෆික් කලාපයක් පවත්වාගෙන යෑම ඇතුළු කටයුතුවලදී ඉතිහාසය පුරා දෙරටම ප්‍රබල ගෝලීය අභියෝගවලට මුහුණ දී ඇති බව ජෝ බයිඩ්න් මහතා කියා සිටී.

ප්‍රජාතන්ත්‍රවාදී රටවල් ලෙස ශ්‍රී ලංකාව සහ එක්සත් ජනපදය අතර සබඳතා වඩා ශක්තිමත් වන්නේ සාමූහිකවය, නිදහස සහ සමානාත්මතාවෙන් බව ද බයිඩ්න් මහතා සිය සුබපැතුම් පණිවිඩය මගින් සිහිපත් කර ඇත.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ මහ නගර සභාවේ ආදායම් උපයන්න අලුත් වැඩක්!

කොළඹ LNW:කොළඹ මහ නගර සභාවේ අදායම් උත්පාදනය ඉහළ නැංවීමේ...

වැඩබලන පොලිස්පතිගේ අලුත් නියෝගය!

කොළඹ LNW:කිසියම් පැමිණිල්ලකට අදාළව කටඋත්තරයක් ලබාගැනීම සඳහා පුද්ගලයකු කැඳවනවිට...

ඩඩ්ලිගේ යූස්ඩ් වාහනයට රේගුව මිලියන 100ක් බදු ගහලා ?

අරලිය සහල් අධිපති, කෝටිපති ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන පසුගිය දවස්වල...

ලංකාවට තවත් අවස්ථාවක්

නිශ්මං රණසිංහ ජූලි 04, කොළඹ LNW: මේ වන විට ආසියානු...