*
Thursday, April 25, 2024
spot_img

Latest Posts

සුසන්තිකා ක්‍රිකට් ගසා චමරිලා දුවයිද?

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශණ කාර්යය සඳහා සුසන්තිකා ජයසිංහ තෝරා ගෙන ඇත.ඇයට මේ ආකාරයේ තනතුරු කාලයෙන් කාලයට පිරිනමන ආකාරය දැක පුරුදු ඉතිහාසයක් ච අප සතුය.අප මේ කියන්නට යන්නේ ඇයගේ වරදක් නොවේය.ඇය එවැනි තනතුරු සඳහා සුදුසු වෘත්තීය නිපුණත්වයක් සහිත තැනෙකට පත් කරන්නට රටක් පාලනය කළ ක්‍රීඩා බලධාරීන් මොනවා කරාද යන්න විමසා බලන්නටය.
බොහෝ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සිය ආරම්භය සඳහා හමුදාවන් පිහිටට ඒම සාමාන්‍ය තත්ත්වයකි.සුසන්තිකා පටන් ගත්තේ ද යුද හමුදාවෙන්ය.නමුත් දක්ෂතාවලින් වැඩෙත්ම එවකට ක්‍රීඩාවේ දේශපාලන ප්‍රධානියා ඇයට වෙනම රැකවරණයක් දෙමින් ක්‍රීඩා ජීවිතයට අනුග්‍රහය ලැබෙන මාවතක් සකස් කළේය.වෙනස්කම් ඇතුව හෝ එවැනි අනුග්‍රහ දර්ශා,ශ්‍රියාණි සහ සුගත්ට ද හිමි වූ අතර ඔවුන් විශාල ජාත්‍යන්තර තරග ප්‍රමාණයකට අදට සාපේක්ෂව සහභාගි විය.


නමුත් වැඩි සෙනේ දබරෙටයි කී සේ සියල්ල පැටළිණ.රටේ සමස්ත දේශපාලනය සමඟම සුසන්තිකා පැටළුණු අතර ඇය චන්ද්‍රිකා රජයේ දේශපාලනයට එරෙහිව ක්‍රියාත්මක ස්වර්ණ බන්ධන ව්‍යාපාරයට සහය පළ කරමින් ඔලිම්පික් සඳහා තරඟ වැඳුණේ ද කහ පටියක් පැළඳ ගෙනය.එසේම ඇය ඔලම්පික් පදක්කමක් සඳහා මෙහෙයවන්නට රජය වෙනුනවට ප්‍රමුඛතාවය ගෙන කටයුතු කළේ ජාතික ඔලිම්පික් කමිටුව සහ තවත් ප්‍රධාන පුද්ගලික චරිත කිහිපයකි.ඒ අතර චන්ද්‍රිකා රජයේ ක්‍රීඩා බලධාරීන් අතීත ක්‍රීඩාව අගයද්දී කොටි ලේබලය ගසා ඈත් කළ නාගලිංගම් එදිරිවීරසිංහම්,දහම් විමලසේන වැනි පුද්ගලයෝ ප්‍රධාන තැනක් ගත් අතර ටෝනි කැම්බල්ගේ පුහුණු මඟ පෙන්වීම තරමටම ඒ උපකාර ද වැදගත් විය.



නැවත ලංකාවට එන්නේ ඇත්නාවල අනේක විධ දුක් කරදරවලට මුහුණ දුන් සුසන්තිකා ඇත් රැජිණක් ලෙසය.ආණ්ඩුවට ඒ වන විට පළමු උවමනාව වී තිබුණේ ඇයගේ ජාත්‍යන්තර වටිනාකම තව දුරටත් ආණ්ඩුවට එරෙහි එකක් කර නොගැනීමය.ආණ්ඩුව විසින් කිසිවක් නොදුන්නත් ඒ වන විට එය ඉතිහාසයට එකතු වී හමාරය.එහෙත් දේශපාලනික වශයෙන් මෝරා නොතිබුණ සුසන්තිකාට අනෙක් සැප සම්පත් තිළිණ වශයෙන් පුද කර ස්වර්ණ බන්ධනයෙන් මුඳවා ගැනීමේ මෙහෙය ඇරඹිණ.

නමුත් සිදුවිය යුතුව තිබුණේ ඇයගේ ඇකඩමියානු සුදුසුකම් පෝෂණය කිරීමට සුදුසු පරිසරයක් සැකසීමය.ඇය නැවත හමුදාවට හෝ කැඳවා අජන්ත මෙණ්ඩිස්ට,පසුව චන්දිමාල්ට සහ තිසර පෙරේරාට කළ අයුරෙන් උසස්වීම් ලැබෙන ආකාරයේ වෘත්තීය විනයක් සැකසීමය.සිඳු නොවුණේ ද එයමය.ඇය වරින් වර එම පදක්කම අවිය සුබ සාධනයට යොදා ගත්තා විනා පැවති රජයන්ට ඇයව රටේ ක්‍රීඩාවේ අභීවෘද්ධිය පිණිස වන ව්‍යාපෘතියකට යොදා ගන්නට ඉඩ සකස් වුණේ නැත.
ලංකාවේ තියෙන දුප්පත්කම නිසාම ඇති කරපු හැඟීමක් වන්නේ ක්‍රීඩාවක දැණුම ජාත්‍යන්තර මට්ටමට ගිය අයෙකුට ලංකාවේ පවතින කිසිඳු පාඨමාලාවක් හදාරන්නේ නැතිව ඇති බව දැනීමය.ඒ නිසා ඔවුන් ජාතික ක්‍රීඩා විද්‍යායතනයේ හෝ ජාතික ඔලිම්පික් කමිටුවේ ඇති ජාත්‍යන්තර පාඨමාලා ගැන අවධානය යොමු කරන්නේ නැති තරම් ය.

“අපිට උගන්නන්න කවුද බං මේවෑ ඉන්නෙ”
සමහර විට එවැනි දේ ද උජාරුවෙන් මුමුණනු අපට ඇසී ඇත.ක්‍රීඩාවෙන් ජාත්‍යන්තර මට්ටමට ක්‍රීඩකයෙක් හැටියට පිවිසීම සහ පුහුණුකරුවෙක් හැටියට පිවිසීම දෙකකි.එසේම කළමණාකරණය සඳහා වැඩ කිරීම තව එකකි.මෙයින් එකකට වඩා දක්ෂ වෙන්නටනම් ඒ හැම විෂයකටම අදාළ හැදෑරීම තිබිය යුතුය.මෙහි මෑත කාලීන උදාහරණය ලෙස සුප්‍රකට Ingebrigtsen family ටෙලි නාට්‍ය මාලාවට පදනම් ඉන්ගෙබ්රිග්ට්සෙන් පවුල හරහා උකහා ගන්නට හැකිය.වත්මන් මීටර් 1500 ලෝක වාර්තාලාභියා වන ජාකොබ් ඉන්ගෙබ්රිග්ට්සෙන් සහ ධාවන සූරයන් වන ඔහුගේ පවුලේ සහෝදර සහෝදරියන්ගේ පුහුණුකරු වන, පියා ජේර්ට් ඉන්ගෙබ්රිග්ට්සෙන් පුහුණුකරුවෙක් වන්නේ ක්‍රීඩක ජීවිතයක් ගත කර නොවේය.ඔහු එසේ නොකර පුහුණුව සම්බන්ධයෙන් කරන ලද ඉල්ලීම් නොතකා හැරිය පසු ඔහු තනිව පොත පත පරිශීලණය කරමින් උගනින්නේය.ඔහු දත් අනෙකුත් සාධක සමඟ පර්යේෂණයන් හී නියැලෙන්නේය.දැන් ඔහු නෝර්වේ හොඳම පුහුණුකරු ලෙස සම්මානයට පාත්‍ර වන්නේය.තිබුණු දැණුමට සහ භාවිතාවට සාපේක්ෂව ඔහුට දැණුම ලබා දීමට අකමැති වූ පිරිස් අද නිහතමානීව ඔහුගේ නව්‍ය දැණුම පිළිගන්නේය. එවැනි දැණුම පරිශීලණය කරන පරිසරයක් ලංකාවේ නැත.විශේෂයෙන් පොත පත හිඟය.පර්යේෂණ කිරීමට දැණුම ද හිඟය.මෙවැනි තත්ත්වයක සුසන්තිකා සම්බන්ධයෙන් කළ යුතුව තිබුණේ ඇයගෙ හැකියාවට දැණුම මිශ්‍ර කර අනාගතය සඳහා ආයෝජනයක් කිරීමට රජයේ මැදිහත්වීමය.

ලෝකයේ ඕනෑම පොළවක කතා කරන්නට කතාවක් ඇඟේ ජීවිතයේ ඇත.එහෙත් එය පිරුණු ක්‍රීඩාමය බසකින් විද්‍යාත්මක හැඩයකින් කීමට අවශ්‍යය දැණුම සහ වෘත්තීයභාවය එකතු කරන්නට ආණ්ඩුවලට බුද්ධියක් තිබුණේනම් ඇයට හැමදාම මාළු අල්ලා දීමට අවශ්‍යය නැත.ඇය අතේ බිලී පිත්තක් තබන්නට තිබිණ.ඒ නිසා දැණුමට සාපේක්ෂ නොවන විවිධ තනතුරු වගකීම් ඇයට පවරමින් ඒවා තුළ සිඳුවන දේ සම්බන්ධයෙන් සමහර විට ඇයව හාස්‍යයට සහ විවේචනයට ලක්වන්නේ සුසන්තිකාගේ වරදෙන් නොවේය.අපේ ක්‍රීඩා පාළකයන්ගේ පටු දැණුම සහ දුප්පත් කළමණාකරන හැකියාව නිසාය.
අලුත් ක්‍රිකට් තනතුර ද ඈදී ඇත්තේ මේ දක්වා ගලා ආ ශ්‍රී ලංකාවේ ක්‍රීඩාවේ දුප්පත්කමට ඈදීගෙනය. කාන්තා ක්‍රිකට් කණ්ඩායම නොවේය.අර්ජුණ ක්‍රිකට් රජුව සිටිය අවධියේ පිරිමි ජාතික කණ්ඩායම හමුවේ යෝගානන්ද විජේසුන්දරයන් ඇසූ පැනයක් ඇත.
“විකට් දෙක අතර දුවන්න ඔබට කෙතරම් කාලයක් වැය වෙනවාද?
කිසිවෙක් පිළිතුරු දෙන්නට දැන සිට නැත.කාන්තා ක්‍රිකට්වලද එවැනි ගැටළුවක් ඇත.කෙටි ලකුණු එන්නේ ඉතා අඩුවෙන්ය.පිටියෙන් පිටත පන්දුව තබන පිරිස ද අඩුය.එවැනි වටපිටාවක සුසන්තිකා යොදා ගෙන ඉතා ඉක්මණින් සිය වේගයට ධාවන වේගයේ සැළකිය යුතු අන්දමේ උපරිමයට පැමිණීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට පුහුණුවක් ලබා ගන්නට තිබිණ.

එසේම මේ සංචාරයට අවුරුදු 19 න් පහළ සංචාරයේ දක්ෂයන් හැටියට අඩුම තරමේ දෙව්මි විහංඟා හෝ ඇතුළත් කර ගන්නට ශ්‍රී ලංකා ක්‍රීකට් අසමත් වන්නේය.ඒ කල් මදි වීම සළකාය.නමුත් ඔවුන් තුන්කොන් තරගාවලියේදි ඊට පෙර දැක් වූ දක්ෂතාද සැළකිල්ලට ගන්නට තිබිණ.
එසේම අවුරුදු 19 න් පහළ පුහුණුකාරිය ලෙස කටයුතු කළ ශෂීකලා සිරිවර්ධන මෙම සංචාරයේදී රුමේෂ් රත්නායක යටතේ සහය පුහුණුකාරිණිය සේ යොදවන්නට තිබුණා.ඒ වෙනුවට ජාතික දේශපාලනය ඇතුළත ක්‍රිකට් හී පැවත්ම සහ තනතුරුවල සථාවරත්වය රඳවා ගැනීම අතිශයින් වැදගත් වෙනවා.
කෙසේ නමුත් පිතිකාරිණියක ලෙස චමරි අතපත්තු මත යැපීම ශ්‍රී ලංකා කණ්ඩායමේ ලක්ෂණයක්ය.ඇයගේ හයේ හතරේ පහරවල ආකර්ශණය වෙනුවට අප නිසි ඉඩ හොයා පන්දුව යොමු කර කෙටි ලකුණු එකතු කර ගැනීමට අවධානය යොමු කළ යුතුය.එසේම චමරි මීට පෙර ආසියානු තරගාවලියේදි ද අප පැවසූ පරිදි පිතිකරු නාමාවලියේ තරමක් පහතට පැමිණීම වැදගත්ය.කඩුලු දෙකක් වැටෙන තුරු ඉවසා සිටිය හැකිනම් යළි වැටෙන තැනින් අල්ලා උඩින් තැබීමටද අත්දැකීම් සහිත චමරිට තිබෙන හැකියාව ශ්‍රී ලංකාවට වැදගත් වනු ඇත.

ලෝකයේ මේ මොහොතේ හොඳම කාන්තා ක්‍රිකට් කණ්ඩායම නිර්මාණය කරන්නේනම් අනිවාර්යෙන් එහි සිටින විශ්වාසවන්තම දඟ පන්දු යවන්නියක් වන ඉනෝකා රණවීර ලෝකයම පිළිගන්නා ක්‍රීඩිකාවක්ය.ඇය ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටීම වැදගත්ය.එසේම අත්දැකීම් නිසාම වගකීමෙන් පිත්ත මෙහෙයවන්නට ද ඇයට ඇති හැකියාව සළකා පිතිකරණයේදී ද යම් තරමකට ඇයව උඩින් ගෙන තැබීම ශ්‍රී ලංකාව පැත්තට වාසිදායක විය හැකිය.
නිලුක්ෂි ද සිල්වා මෑත කාලයේ චමරිටත් වඩා ශ්‍රී ලංකා කණ්ඩායමේ සාර්ථකත්වයට පත් ක්‍රීඩිකාවය.හර්ෂිතා සමරවික්‍රම අනෙක් විශ්වාසවන්ත ක්‍රීඩිකාවය.විශ්මි ගුණරත්න මේ මොහොතේ දකුණු අප්‍රිකානු තණතීරු තුළ ලකුණු ලැබූ ක්‍රීඩිකාවක්ය.එසේම කවීශා දිල්හාරි ද අනාගතයට වැදගත්ම ක්‍රීඩිකාවක් වන අතර ලකුණු අතර සිටින කඩුලු රකින අනුෂ්කා සංජීවනී සමඟ ඇයගේ සහයට සිටින්නී කෞෂිනි නෘත්‍යංගනා ද පිතිකාරිණියක ලෙස යොදවා ගෙන චමරි අතපත්තු පන්දු යවන්නියක ලෙස ද පන්දු ඕවර් 4ක් කළමණාකරනය කර ගැනීම ගැන සිතන්නේනම් එය ශ්‍රී ලංකාවට යහපත් වනු ඇත.

කෙසේ හෝ ශ්‍රී ලංකාව යනු අඩුවෙන් තක්සේරු කරන්නට අවශ්‍යය නැති කණ්ඩායමකි.චමරි අතපත්තුට හරියට පත්තු වුණත් ඇති තරම් ය.ඒත් චමරිට සහයට කඩුලු රැකගෙන ඉන්න අවශ්‍යය වේ.ක්‍රිකට් කණ්ඩායම් ක්‍රීඩාවක් නිසා තනිව කිසිවක් කරන්නට නොහැකිය.එවැනි කණ්ඩායමක,කණ්ඩායම් පාලනය ගැන හොඳ අවබෝධයක් තිබිය යුතුය.වැදගත් එය ය.සුසන්තිකා මෙවැනි කණ්ඩායමකට දෙන උපදෙස් ක්‍රිකට්ම විය යුතුය.නමුත් ක්‍රිකට් ක්‍රීඩා කරන හැටි නොකියා සිටීමම වැදගත්ය.

අයියා දන්නෙ නැහැ.පුංචි කාලෙ ඕකි කට්ටි තුණ පනිනවා සුරුස් ගාලා
එල්ලේ ක්‍රීඩා කරන විට සුසන්තිකාගෙ දිවිල්ල එහෙමය.අදටත් ඇත්නාවල පැත්තෙ ගොස් සුසන්තිකාට වඩා අවුරුදු 10 ක් පහළොවක් පැරිණි වයසක අයෙක්ගෙන් ඇහැව්වොත් එවැනි කතා බොහෝය.නමුත් කණ්ඩායම් ක්‍රීඩාවක එකෙක්ට සුරුස් ගා කරන්න දෙයක් නැත.සුරුස් ගා වැඩ කරන කණඩායමක් එක රිද්මයකට,අවශ්‍යයතාවයකට ගොනු කර ගන්නේ කෙසේද යන්න තීරණය කිරීම අතිශයින් වැදගත්ය.සුසන්තිකා ගැලපෙන්නේ හෝ නොගැලපෙන්නේ ඒ සාධකය මතය.නමුත් ක්‍රීඩිකාවන් සමත්නම් සුසන්තිකාගේ කතාවලදී භාවාතිශය මට්ටමේ අසන්නෙක් නොවී ඒවා ගැඹුරෙන් හදාරන්න,ඒ අනුවර්ථණය වර්ධනයක් වනු ඇත.
අපි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සුප පතන්නෙමු!

ශ්‍රී ලංකා කණ්ඩායම
චමරි අතපත්තු (නායිකා), ඕෂධී රණසිංහ, හර්ෂිතා සමරවික්‍රම,නිලක්ෂි ද සිල්වා, කවීෂා දිල්හාරි, අනුෂ්කා සංජීවනී, කෞෂිනී නෘත්‍යංගනා, මල්ෂා ශෙහානි, ඉනෝකා රණවීර, සුගන්ධිකා කුමාරි, අචිනි කුලසූරිය, විශ්මි ගුණරත්න, තාරිකා සෙව්වන්දි, අමා කාංචනා, සත්‍යා සංදීපනී



නිශ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan