මුණි බලන්න කාදිනල් හිමි හදිසියේම කොළඹ අපරාධ කොට්ඨාසයට!(VIDEO)

Date:

පසුගියදා බොරැල්ල සියලු ශාන්තුවරයින්ගේ දේවස්ථානයේ තිබී බෝම්බය සොයා ගත් එම දේවස්ථානයේ සේවය කරමින් සිටි දැනට කොළඹ අපරාධ කොට්ඨාසය භාරයේ සිටින මුණි නැමැත්තා බැහැදැකීමට අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ පැමිණියේය.

එම අවස්ථාවට එක්ව සිටි කොළඹ අගරදගුරු පදවි, ජන සන්නිවේදන අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිෂාන්ත ප්‍රනාන්දු පියතුමා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ එම බෝම්බය නිසා දේවස්ථානය තුළ සිදු වීමට ගිය මහා විනාශයක් මුණි නැමැත්තා නිසා වැලැක්වුණු අතර ඒ වෙනුවෙන් කාදිනල් හිමි තුළ ඔහු ගැන විශේෂ කෘතඥතාවක් තිබෙන බවයි.

සෙසු තිදෙනා මෙන් මුණි ද පොලීසිය විසින් නිදහස් කරනු ඇති බවට විශ්වාස කරන බව පියතුමා සඳහන් කළේය.

මුණි වෙත මීට දින කිහිපයකට පෙරම නිදහස ලැබෙනු ඇති බවට කාදිනල් හිමිපාණන් බලාපොරොත්තු වුවද එලෙස නිදහස් හිමි නොවීම සියලු දෙනා කම්පාවට පත්කර ඇති බවයි මෙහිදී ජූඩ් ප්‍රනාන්දු පියතුමා කියාසිටියේ.

එමෙන්ම එම බෝම්බය යම් කිසි පුද්ගලයෙක් පෞද්ගලික හේතුවක් මත තැබුවක් නොව එය කුමන්ත්‍රණකාරී සිදුවීමක් ලෙස එය දකින බවද පියතුමා වැඩිදුරටත් අවධාරණය කළේය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කඳුකරයේ ගොවීන් 241කට ගොවි විශ්‍රාම රක්ෂණ හිමිකම ලැබෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:වතුකරයේ ගොවීන් 241 දෙනෙකුට ගොවි විශ්‍රාම රක්ෂණ...

ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි!

රෂිකා හෙන්නායක අප්‍රේල් 01, කොළඹ LNW : කාලගුණ විද්‍යා...

ට්‍රම්ප් නේටෝවෙන් ඉවත්වීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණිඅප්‍රේල් මස 01 ; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත්...

ලෙබනනයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාර වලට හිස්බුල්ලා ප්‍රතිප්‍රහාර එල්ල කරයි!

රෂිකා හෙන්නායක අප්‍රේල් 01 ,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායලය සහ හිස්බුල්ලා...