සොල්දාදු උන්නැහේගේ ඇසින් නිදහස සමරමු !

1974 සාහිත්‍ය සම්මාන දිනූ එච් ඒ සෙනවිරත්නයන්ගේ “එක්තරා ප්‍රේම කථාවක්” නැමති කෙටි කථා පොතේ “පරණ සොල්දාදුවා” නැමැති කථාව ඇසුරින් ධර්මසේන පතිරාජ සහ ඩබ්ලිවු ජයසිරි එක්ව තිර රචනාකොට පතිරාජයන්ගේ අධ්‍යක්ෂනයෙන් නිපදවූ “සොල්දාදු උන්නැහේ” චිත්‍රපටයේ තිර පිටපතින් අත්කුරින් ලියා පිටපත් කරගත් පිටපතක් මා සතුව තිබේ.

මතු දැක්වෙන්නේ ඉන් අතරින් පතර තෝරා ගත් දෙබස් ඛණ්ඩ කිහිපයකි.

විලී: නිදහස මොකද්ද ඕයි නිදහස… ඒක ගැන කථා කරනවා…බම්බුව…අවුරුද්දක් අවුරුද්දක් ගානෙ යුද්ධ ටැංකි වටකරගෙන නිදහස පෙන්නනවා.

සොල්දාදුවා: හිනාවෙයල්ල. උඹලට හිනාවෙන්න මොන පුන්ඩයක්ද යකෝ ඉතිරිවෙලා තියෙන්නෙ. අරෙහෙ ඇමරිකන් කාරයො ලෝකෙන් භාගයක් අල්ලගෙන. මෙහෙං.. අර.. යනව… හෙලිකොප්ටර් උඩිං යනව. මම යුද්ධ කරලයි ආවෙ. මම දැක්ක විනාශවෙනවා.

පේමක්කා: මොකද විලී මහත්තයා අද තවමත් බුදි.

විලී: අද බාර්වල කවුරුවත් නෑ. නිදහසනෙ…බම්බුව..

සොල්දාදුවා: විලී මහත්තය කිව්ව නේද ඇමරිකන් කාරයො අපට හෙලිකොප්ටර් තෑගි දීල කියල.

විලී: අපට නෙවෙයි මිනිහො.. ආණ්ඩුවට.

සොල්දාදුවා: ආණ්ඩුව කියන්නෙ අපි තමයි

විලී: ඔහේ පරමාධිපත්‍යය පටළවාගෙන. අණ්ඩුව කියන්නෙ අපි නෙවෙයි. පරමාධිපත්‍යය කියන්නෙ මොකක්ද කියල තමුසෙ දන්නවද ?

සොල්දාදුවා: මොකක් ගැන…මොකක් ?

විලී: පරමාධිපත්‍යය ..පරමාධිපත්‍යය…
ආයුධ බලය තියෙන ආයුධ පාවිච්චි කරන මිනිස්සුන්ගෙ පැත්තෙ තමයි පරමාධිපත්‍යය තියෙන්නෙ
(හඩ /පේමක්කාගේ සිනහව)

සොල්දාදුවා: ඇයි උඹ හිනාවෙන්නෙ? පරමාධිපත්‍යය දන්නෙ නැද්ද?

පේමක්කා: මට නම් හිතෙන්නෙ ඒක මංවත් දන්නෙ නැති අලි කුණුහබ්බයක් වෙන්න ඇති.

පෙබරවාරි 4 වනදා නිදහස සමරන අපිට ඒ ගැන යළි යළිත් සිතා බලන්න මේ දබස් ඛණ්ඩ ප්‍රමාණවත්.

(ජගත් ද සිල්වාගේ ෆේස්බුක් පිටුවෙන්.)

SM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එක්සත් රාජධානියේ RAF Fairford කඳවුරෙන් ඇමරිකානු බෝම්බ ප්‍රහාරක යානා සියල්ල ඉවත් කර නැවත ඇමරිකාවට යවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 05: ලන්ඩනයට කිලෝමීටර්...

ආණ්ඩුව ඩබල් කැබ් 1000ක් මිලදී ගැනීමට ටෙන්ඩර් කැඳවයි !

නවීන මාදිලියේ ඩීසල් ඩබල් කැබ් රථ 1,000ක් මිලදී ගැනීමට...

බ්‍රසීල ජනාධිපතිවරණය දෙවන වටයට; පළමු වටයේ ජය ෆ්ලේවියෝ බොල්සොනාරෝට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 05: ඊයේ(04) පැවැති...

පේරාදෙණිය – කොටුව සීඝ්‍රගාමී දුම්රිය කඩිගමුවෙන් පීලි පනී

සටහන - රුවන් නෙළුගොල්ල පේරාදෙණියේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය...