ඔමික්‍රෝන් ආසාදිතයින් 95%ක් ඉක්මවා වාර්තා වන විට මරණ තුනෙන් දෙකක් පූර්ණ එන්නත්කරණය නොවූ අය අතරින්!

පසුගිය දිනවල වාර්තා වූ කොවිඩ් 19 මරණ වලින් තුනෙන් දෙකක් පූර්ණ එන්නත්කරණයට ලක් නොවුණු අය බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණික සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා පැවසුවේය.

හම්දානි මහතා මේ බව පැවසුවේ අද (04) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය මඟින් පැවති මාධ්‍ය හමුවේදීය.

කොවිඩ් 19 ආසාදිතයින් හා එම මරණ පිළිබඳ සතියක දත්ත සංසන්දනාත්මකව ගත් විට පසුගිය සතියට වඩා මේ සතියේ ආසාදිතයින් 30%කින් පමණ වැඩි වීමක් පෙන්නුම්කරන අතර මරණ 08%ක 10%ක අතර ප්‍රමාණයකින් වැඩිවීමක් පෙන්නුම්කරන බවයි හම්දානි මහතා කියා සිටියේ.

එමෙන්ම ඔක්සිජන් මත යැපෙන සහ දැඩි සත්කාර ඒකකය වෙත යොමුකිරීමට සිදුව ඇති රෝගීන්ගේ ප්‍රමාණයද 4%කින් 5%කින් වැඩි තිබේ.

විශේෂයෙන් පූර්ණ එන්නත්කරණයට තවදුරටත් ලක්නොවී සිටීම තුළ රෝගයට ගොදුරුවීමේ අවදානම තවමත් එලෙසම පවතින බවද වෛද්‍ය අන්වර් හම්දානි මහතා අවධාරණය කළේය.

මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා කියාසිටියේ පසුගිය දින 4-5 ක් තුළ කොවිඩ් 19 ආසාදිතයින් 1000 සීමාව ඉක්මවා වාර්තා වූ බවයි.

ඒ අනුව රෝගීන් වාර්තා වීමේ වැඩි වීමක් පවතින බවයි ඔහු පැවසුවේ.

මෙම ආසදිතයින්ගෙන් 95%කට වැඩි පිරිසක් ඔමික්‍රෝන් ආසාදිතයින් බවද ජාන පරීක්ෂාව මඟින් තහවුරු කර ඇති බවද බටුවන්තුඩාව මහතා සඳහන් කරන ලදී.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Boelo කුණාටුව අතරතුර ගසක් කඩා වැටී ජීවිතයෙන් සමුගත් Richard Baines!

සටහන – පුලී ඔක්තෝම්බර් 26, LNW (කොළඹ): ස්ටෝම් බොයෙලෝ (Storm Boelo)...

දශකයක හරිත අභිමානය: උසස් අධ්‍යාපනයේ නව මානයන් තැනූ NSBM 10 වැනි සංවත්සර සැමරුම…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : සදාහරිත අනාගතයක ඇරඹුම...

ඔක්තෝබර් 7 ප්‍රහාරයේ වගකීම ගැන නෙතන්යාහුට දැඩි පීඩනයක් — ඊශ්‍රායලයේ තීරණාත්මක මැතිවරණය හෙට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: 2023 ඔක්තෝබර්...

සැකකරුවෙකු පොලිස් භාරයේ සිටියදී මියයාම : හෝමාගම පොලිසියේ නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : හෝමාගම පොලිස් ස්ථානයට...