සිවිල් දඬුවම් ලැබූ වරදකරුවන් නිවාස අඩස්සි ගත කිරීම පිළිබඳ පනත් කෙටුම්පත මෙම වර්ෂයේදී පාර්ලිමේන්තුවට!

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි , 04 කොළඹ (LNW): බන්ධනාගාරවල පවතින අධික තදබදයට විකල්පයක් වශයෙන් සිවිල් දඬුවම් ලැබූ වරදකරුවන් නිවාස අඩස්සි ගත කිරීම පිළිබඳ පනත් කෙටුම්පත මෙම වර්ෂයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අධිකරණ හා බන්ධනාගාර කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය නීතිඥ අනුරාධ ජයරත්න මහතා ප්‍රකාශ කරයි.

අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, පූර්ණ අධීක්ෂණය යටතේ හඳුන්වා දෙන නව ක්‍රමය සුළු වැරදි සම්න්ධයෙන් අදාල වන බවයි.

යෝජිත මෙම නව වැඩසටහන යටතේ නිවාස අඩස්සිගත කරන වරදකරුවන් GPS තාක්ෂණය මගින් නිරීක්ෂණය කරන බව එම ක්‍රමය සාර්ථක කර ගැනීම සඳහා ඇප පනතට මෙම වර්ෂයේදි සංශෝධන එක් කරන බවත්, බන්ධනාගාර පද්ධතිය තුළ සිරකරුවන් 13 000ක් රැඳවීමට හැකියාව ඇති නමුත් මේ වන විට එහි 33 000ක් රඳවා ඇතැයි කී අමාත්‍යවරයා ධාරිතාව ඉක්මවා ඇති බැවින් විවිධ ගැටලු රැසක් නිර්මාණය වී ඇතැයි ද ප්‍රකාශ කළේය.

යුක්තිය මෙහෙයුම යටතේ දහසකට ආසන්න පිරිසක් පොලිස් භාරයට පත්වන බවත් ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කරන විට බන්ධනාගාර තුළ තදබදය ඉහළ යන බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

මේ හේතුවෙන් ගැටුම්, සෞඛ්‍ය ආදී ගැටලු පැන නගින බවත් වරද කරුවන් දඬුවම් කාලය නිම කොට මුදා හැරීම වෙනුවට පුනරුත්තාපනය හා වෘත්තිය පුහුණුව ලබා දීමට ද වැඩසටහනක් සකස් කොට ඇත.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව මේ වන විට සෞඛ්‍ය අමාත්‍යංශය සමඟ එක්ව රැදවුවන් පුහුණු කිරීමේ ව්‍යාපෘතියක් සැලසුම් කර ඇතැයි පෙන්වා දුන් අමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන් ඉදිරි දෙසතිය ඇතුළතදී වාර්තාවක් එළිදැක්වෙන බව ද පැවසීය.

ඒ අයුරින් වෘත්තීය පුහුණු අධිකාරිය ඇතුලුව සුදුසුකම් ලත් ආයතන සමඟ එක්ව රැදවුවන් වෘත්තිය පුහුණුයට යොමු කර දඩුවම් කාලය නිමවූ පසු වෘත්තිකයන් බවට සමාජයට යොමු කරන බව ද අධිකරණ හා බන්ධනාගාර කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය නීතිඥ අනුරාධ ජයරත්න මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ඒ මහතා මෙම අදහස් පළ කරන ලද්දේ පල්ලකැලේ එළිමහන් සිරකඳවුරේ රැඳවුවන් සඳහා වෘත්තිය පුහුණුව ලබාදීම  නිමිත්තෙන් පැවැති උත්සවයට ඊයේ  ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වෙමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලේඛනගත නොකළ සංක්‍රමණිකයන් පිටුවහල් කිරීම වේගවත් කිරීමට ට්‍ර්ම්ප්ගෙන් නියෝග

සටහන: සශිකලා මධුෂාණිජුනි 16; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

අපේ කණ්ඩායමේ කළු බැටළුවෝ ඉඳල තියෙනවා – පැරදුණු රීසා සරූක් කියන කතාව

කොළඹ LNW: කොළඹ මහ නගර සභාවේ පුරපති සටන වෙනුවෙන්...

වැඩිහිටි අපයෝජනය ගැන කියන්න වට්ස්ඇප් අංකයක්!

කොළඹ LNW:එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් සෑම වසරකම ජුනි...