*
Saturday, April 19, 2025
spot_img

Latest Posts

ලසන්ත ඝාතනයේ සැකකරුවන් පිරිසක් නිදහස් කරන ලෙස නීතිපති දැනුම් දීලා !

සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීමේ සිද්ධියේ සාක්ෂි වසන්කිරීම සහ සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් ලෙස නම්කර සිටි ඉහළ පොලිස් නිලධාරියෙකු ඇතුළු පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සහ හමුදා නිලධාරියෙකුට එරෙහිව තවදුරටත් නීති මගින් කටයුතු කිරීමට අදහස් නොකරන බවත් ඔවුන් නිදහස් කළ හැකි බවත් නීතිපති පාරින්ද රණසිංහ ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.

92/2009 නඩුවට අදාළව නීතිපතිවරයා මෙසේ නිදහස් කළ හැකි බව දැනුම් දී ඇත්තේ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර, උප පොලිස් පරීක්ෂක තිස්සසිරි සුගතපාල සහ යුද හමුදා මාණ්ඩලික සැරයන් ප්‍රේම් ආනන්ද උදලාගම යන අයවලුන් ය.

මේ බව ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා වෙත දැනුම් දීමෙන් අනතුරුව මේ සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ගය දින 14ක් තුළ තමන්ට දැනුම් දෙන ලෙසත් නීතිපතිවරයා සිය ලිපියෙහි සඳහන් කර ඇත.

මෙහි සඳහන් යුද හමුදා මාණ්ඩලික සැරයන් ප්‍රේම් උදලාගම යනු ලසන්ත වික්‍රමතුංග ඝාතනයෙන් පසු කලක ලසන්තගේ පෞද්ගලික රියදුරාව පැහැරගෙන ගොස් තර්ජනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වුණු පුද්ගලයා ය.

උප පොලිස් පරීක්ෂක තිස්සසිරි සුගතපාල යනු ලසන්ත ඝාතනය පිළිබඳ මුලින්ම විමර්ශනය කළ ගල්කිස්ස පොලීසියේ අපරාධ අංශයේ එවකට ස්ථානාධිපතිවරයා වන අතර සාක්ෂි වසන් කිරීම සහ සාක්ෂි විනාශ කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි අයෙකි.

නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර යනු ලසන්ත ඝාතනය කෙරුණු සමයේ ගල්කිස්ස පොලිස් බල ප්‍රදේශය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පතිවරයා වන අතර සාක්ෂි වසන් කිරීම සහ සාක්ෂි විනාශ කිරීම පිළිබඳව ඔහුටත් චෝදනා එල්ල වී තිබිණි.

ඒ අනුව වත්මන් රජය යටතේත් මෙම ඝාතන සම්බන්ධයෙන් යුක්තිය ඉටුකිරීමක් බලාපොරොත්තු විය නොහැකි බවට තදබල විවේචන සමාජ මාධ්‍ය ඔස්සේ පළවෙමින් තිබේ.

මීට පෙර කොවිඩ් වසංගතය අතරේ බන්ධනාගාරය තුළ කොවිඩ් පරීක්ෂණ සිදුකරන ලෙසත් කොවිඩ් වැළඳුණු රැඳවියන්ට ප්‍රතිකාර කරන ලෙසත් ඉල්ලා මහර බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් සිදුකළ විරෝධතාවකට වෙඩිතබා රැඳවියන් 11 දෙනෙකු මරණයට පත්කිරීමේ සිද්ධියට අදාළ නඩුවේද සැකකාර පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සහ බන්ධනාගාර නිලධාරීන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග නොගන්නා බවත් නීතිපති පාරින්ද රණසිංහ වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබිණි. ඒ අනුව එම නඩුව පසුගිය දෙසැම්බර් 17 වනදා අවසන් කෙරිණි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan