ඇත්තටම මේක හරිම මතභේදාත්මක මාතෘකාවක්.. මේ කාරනයේදී ජනප්‍රිය මතය නම් අපිට හරියාකාරව නිදහස නොලැබුනු බවයි. නමුත් ඇත්ත කාරනාව නම් දුන් නිදහස බාරගැනීමට පුළුවන් තත්වයකට අපි නිදහස් පුරවැසියන් ලෙස එදා සුදුසුකම් සපුරා නොසිටීමයි..
බටහිර ජාතීන් මෙහි පැමිණෙන විට ලංකාව තුල පැවතියේ වසර දහස්ගානක් එක තැන ඝනීබූතව තිබූ සහ දුර්වලවූ වැඩවසම් රාජාණ්ඩු සමාජයකි.. ඒ තුල නිදහස් පුරවැසියන් නොසිටි අතර සිටියේ රජුගේ සහ ප්රභූන්ට අයත් යටත්වැසි අමුද්‍රව්‍ය සමූහයක් පමණි.. එවන් සමාජයක් සිවිලයිස් කිරීම සහ එවන් සමාජයක් තුල පුද්ගල ස්වායක්තතාවය සෑදීම දීර්ඝකාලීන ක්‍රියාවලියක් තුල සිදුවිය යුත්තකි..
මම හිතන්නෙ නිදහස ලැබෙන මොහොතවන විටත් සුදු ස්වාමියාගෙ ශිෂ්ඨකරණ අභ්‍යාසය තුල අපි සැලකියයුතු දුරක්වත් ගිහින් තිබ්බෙ නෑ, ඒ නිසාම ඒ අය දුන්න දේ අපිට ගන්න බැරි උනා කියලයි..
ප්රජාතන්ත්රවාදී සමාජයක දේශපාලන පක්ෂවලට තියෙන්නේ වැදගත් හා නිවහල් බූමිකාවක්..නමුත් අදටත් ලංකාවේ ඇතමුන් මේකෙ දේශපාලන පක්ෂ ආගම්වගේ අදහනවා.. තවත් අය පක්ෂෙ වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කරන්න පවා යනවා.. තවත් සමහරුන්ට තමන්ගෙ පක්ෂෙ නායකයා කෙරේ තියෙන්නෙ ආගමික ශ්‍රද්ධාවක්, භක්තියක්..
මේ සියල්ල යනු මුග්ධ වැඩවසම් පෙකනිවැල හරියාකාරව හැලිච්ච නැති එකේ අර්බූධය මිස වෙන අන් දෙයක් නොවේ යැයි මම සිතමි..
කතාකරන බාෂාවන් සහ අදහන ආගම් පදනම් කරගනිමින් රට තුල එක දිගට නිර්මාණය වූ රුධිර ගංගාවන් ගලා ගිය ගෝත්‍ර ගැටුම් යනුද මේ දක්වාම අප සිවිලයිස් වී නැති බවට තවත් එක් සාක්ෂිකැයි මා සිතමි..
මේකේ මිනිස්සුන්ට මොන විද්‍යාව ඉගැනුවත් සීරියස් උනාම ඇදිලා යන්නෙම පරණ වැඩවසම් මිත්‍යාව දෙසටයි.. කොරෝනා කාලේ වැල නොකැඩී මිනිසුන් ලක්ෂගානක් මාස්ක් එකක්වත් නැතිව කාලි පැණිය ගන්ට පොරකනවා අපි දැක්කා.. වෙන එකක් තියා කාලි පැණිය පාර්ලිමේන්තුවටත් ගියා.. රටේ සෞඛ්‍ය ඇමති පවා ලෙඩෙන් බේරෙන්න කාලි පැනිය බිව්වා, දුම් මුට්ටි ගඟට දැම්මත් වගේ මතකයි..
රටේ භෞතික සංවර්ධනය පැත්තෙන් ගත්තත් බොහෝ දේවල් සුද්දා නතරකරලා ගිය තැන අදටත් එහෙමමයි.. සමහර ඒවා එදා තිබ්බටත් වඩා පස්සට ගිහින්..
රේල් පාරවල්, කෝච්චි ස්ටේෂන් ඒවා සුද්දා නතර කරපු තැන එහෙමමයි.. පාරවල් ටික, සමහර පාලම් පවා එහෙමමයි.. වරායවල්, රටේ ආදායම් මාර්ග ටික, පාසල්වල නම් විතරක් වෙනස්වෙලා.. අධ්‍යාපන රටාව, රාජ්‍ය පරිපාලනය ඒවා එහෙමමයි..
සුද්දා බාරදීලා ගිය තැනින් ඉස්සරහට යනව තියා දීපු එක ඒ මට්ටමින්ම අල්ලන් ඉන්නවත් අපිට කැපෑසිටියක් එදා තිබ්බෙත් නෑ.. අදත් නෑ..
මට හිතෙන්නෙ එදා නිදහස ඉල්ලලා ඩෙඟා නටන්නෙ නැතිව හිටියා නම්, සුද්දා තව තව සැලකියයුතු කාලයක් මේකේ හිටිය නම් මෙච්චර පහල තත්වකට අපි නොවැටෙන්නත් තිබ්බා..
~ ප්‍රියශාන්ත රාජපක්ෂ
RN