*
Wednesday, February 5, 2025
spot_img

Latest Posts

මේ යන විදිහට ගියොත් තවත් වසර 2කින් නැවත ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් කරන්න වෙනවා – සජිත් (VIDEO)

සටහන – රුවන් නෙළුගොල්ල

මේ වන විට අතිශය පීඩාකාරි IMF ගිවිසුමක් හරහා රටේ ආර්ථිකය ක්‍රියාත්මක වන බවත් වත්මන් ආණ්ඩුව විපක්ෂයේ සිටින විට ජනාධිපතිවරණයේ දී සහ මහමැතිවරණයේ දී නව IMF ගිවිසුමක් හරහා ජනතාවට සහන ලබා දෙන බව පැවසූ නමුත් දැන් පසුගිය රජය එකග වූ ගිවිසුමම ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කරන බවත් මේ ඇති කර ගත් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සාර්ථකව කර ගෙන යා හැකි පසුබිමක් නිර්මාණය වී ඇත්ද කියා රජයෙන් ප්‍රශ්න කරන බවත් ජනතාවට සත්‍ය හෙළිදරව් කිරීම රජයේ වගකීම බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

රට මුහුණ දී ඇති සැබෑ සත්‍ය නම් අප රටට ප්‍රධාන ඉලක්ක ගණනාවක් සම්පූර්න කළ යුතු බවත් ඒ අතර වේගවත් ආර්ථික වර්ධනය සහ ඉහළ රාජ්‍ය ආදායමක් පවත්වා ගැනීම බවත් එය එසේ නොකරන්නේ නම් තව වසර 2-3ක් යන විට තවත් ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළකට යා යුතු බවත් මේ කතාව තමා ස්ථිරවම කියන බවත් තමා පසුගිය කාලයේ පවා මෙවැනි අනාවැකි කියන විට හිනා වුණත් ඒවා හැම දෙයක්ම සත්‍ය වූ බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ පසුගියදා කුරුණෑගල ඉබ්බාගමුව ප්‍රදේශයේ පැවැති ජන හමුවක් අමතමිනි.

ලෝකයේ විවිධ රටවල් ඇති කර ගත් අයි එම් එෆ් ගිවිසුම් සංගණනයකට ලක් කර එහි සාර්ථක භාවය දෙස බැලූ විට ඒ අත්සන් කළ ගිවිසුම්වලින් 59%ක්ම නැවත ණය ප්‍රතිව්‍යුහගත කිරීමට යාම බවත් මේ කරුණු කාරණා ජනතාවගෙන් හංගන බවත් කවුරුත් මේවා ජනතාවට නොකියන බවත් තවත් ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහනකට යනවා යනු ජනතාව දුකට කරදරයකට පත් කිරීම බවත් එය අභියෝගාත්මක බවත් ඉදිරි ගමන ප්‍රශ්න ගැටලු රැසක් මැද යාමට ඇති නිසා අපි රටක් ලෙස ඒ අභියෝගවලට මුහුණ දී රට රැකගත යුතු බවත් එම නිසා අයි එම් එෆ් එකත් සමග සාකච්ඡා කරන්න බිය නොවන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

මේ මොහොත වන විට අප රට රටේ සුවහසක් ජනතාව ප්‍රශ්න ගැටලු රාශියකට මුහුණ දෙන බවත් ඒ ගැටලු හා අභියෝගවලට උත්තර අපේක්ෂාවෙන් සිටින බවත් රටක ජනතාව රාජ්‍ය පාලනයක් පත් කරන්නේ රට හොද ශක්තිමත් ප්‍රතිපත්ති තුලින් ජනතාවටත් රටටත් යහපත් කලදසාවක් උදා කරන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නට බවත් ගැටලුවලට ප්‍රශ්නවලට උත්තර සපයන්න බවත් ජනාධිපතිවරණයක් සහ මහමැතිවරණයක් පවත්වා ගතවූ ටික කාලයේ සිදු වු දේ ගැන සාමාන්‍ය ජන ජීවිතයේ මුහුණ දෙන ප්‍රශ්නවලට ගැටලුවලට රජය දුන් විසදුම් ගැන ප්‍රශ්න කළ යුතු බවත් මෙය රාජ්‍ය පාලනය සම්බන්ධ ලිට්මස් පරික්ෂණය බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

රජය කරන කියන දේවල් ජනතාව ප්‍රශ්න කළ යුතුයි

අද වන විට ජන සමාජයේ සහල් හිගයක් ඇති බවත් පොල් හිගයක් ලුණු හිගයක් ඇති බවත් දරාගත හැකි මිලකට බඩුමිල වැඩි වී ඇති බවත් ආදායම් මාර්ග කඩා වැටී ජනතාව වැඩි වැඩියෙන් අසරණ වී ඇති බවත් පැවසූ විපක්ෂ නායකවරයා මෙවන් තත්ත්වයක් තුළ වත්මන් රජය ජනතාව ජීවත් කරවීම උදෙසා ප්‍රශ්නවලට ලබා දෙන උත්තර ගැන රටේ ජනතාව සෑහීමකට පත්වන්නේ ද කියා ප්‍රශ්න කරන බවත් පැවසීය.

විදුලි බිල අඩු කළොත් ජනතාවගේ බලපෑම මතයි

රජය අයි එම් එෆ් එක සමග සාකච්ඡා කර රටේ ජනතාවට මුහුණ දෙන ගැටලුවලට සහන දිය යුතු බවත් පසුගිය දා ජනතාවගේ බලකිරීම මත විදුලි බිල අඩු කිරිම 20%ක සාමාන්‍යයෙකින් සිදුවිය යුතු බව නිර්දේශ කළ බවත් එය සිදුවූයේ ජනතා කැලඹීම හා නිර්දේශ මත බවත් එය රජයට ඕන නිසා සිදු නොවු බවත් රජය විදුලි බිල වැඩි කරන්න තීරණය කර ඇති මොහොතක ජනතාවගේ කැලඹීම මත මහජන උපයෝගීතා කොමිසම විදුලි බිල අඩු කළ බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පෙන්වා දුන්නේය.

විදුලි බිල තුනෙන් එකකින් අඩු කරන්න හැකි බව රජය කියූ බවත් මීට වඩා සහනදායී ජන ජිවිතයක් උදා කරන්න වත්මන් රජයට හැකියාවක් තිබුණත් ඔවුන් එය නොකරන බවත් පැවසූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එයට හේතුව ඔවුන්ට රටක් රාජ්‍යයක් පාලනය කරන්න ඇති නොහැකියාව බවත් ජනතා ප්‍රශ්න විසදන්න බැරි අදක්ෂ කම බවත් මේ නිසා ජන ජීවිත කඩා වැටෙයි කියා බියක් ඇති බවත් වගකිව යුතු විපක්ෂයක් ලෙස ප්‍රශ්න ගැටලු වෙනුවෙන් පෙනී සිටින බවත් අවධාරණය කළේය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan