හිනිදුම ත්‍රිත්ව ඝාතනය : මනූෂගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙක් අත්අඩංගුවට

හිනිදුම, මහබෝධිවත්ත ප්‍රදේශයේ ලැගුම්හලක් තුළ පුද්ගලයින් තිදෙනෙකු වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාරගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු සැකපිට අත් අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

ඊයේ (පෙබරවාරි 04) දිනයේදී පොලීසිය විසින් ඔහුව අත් අඩංගුවට ගෙන ඇති අතර මේ වනවිට ඔහුගෙන් ප්‍රශ්න කෙරෙමින් පවතින බව සඳහන්.

පසුගිය ජනවාරි 30 වනදා රාත්‍රියේ අදාළ ලැගුම්හලේ හිමිකරු ඇතුළු පස්දෙනෙකු මත්පැන් පානය කරමින් සිටියදී යතුරුපැදියකින් එහි පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු T 56 ගිනිඅවියකින් මෙම වෙඩිතැබීම සිදුකර තිබිණි. එහිදී වෙඩිවැදුණු පුද්ගලයින් තිදෙනෙකු එම ස්ථානයේදීම මරණයට පත්ව තිබුණු අතර අනෙක් දෙදෙනා පළාගොස් තිබුණු බව සඳහන්.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මෙට්‍රෝ බස් රථවලට එල්ල වූ ප්‍රහාර පිළිබඳව පොලිසිය පරීක්ෂණයක් අරඹයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 09, කොළඹ LNW : අලුතින් හඳුන්වා දුන්...

රම්ප්ගෙන් හදිසි තීරණයක්:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 09, කොළඹ LNW : ට්‍රම්ප්ගෙන් හදිසි තීරණයක්:...

විෂ සහිත දුමාරය හේතුවෙන් මැලේසියාවේ පාසල් වසා දමයි; සිංගප්පූරුවේ වායු දූෂණය වාර්තාගත මට්ටමකට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 09 : මැලේසියාවට...

බැංකු හා මූල්‍ය ක්ෂේත්‍රයේ වේගවත් වර්ධනයක් – NPP බැංකු හා මූල්‍ය සංසදය පවසයි

කොළඹ LNW:ජාතික ජන බලවේගයේ බැංකු හා මූල්‍ය සංසදයේ කුරුණෑගල...