සමාජ මාධ්‍ය මගින් විදේශ රැකියා පෙන්වා මූල්‍ය වංචා කළ සැකකරුවෙක් අත්අඩංගුවට!

Date:

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, කොළඹ (LNW):

පුද්ගලයින් රැසකට විදේශ රැකියා ලබාදෙන බව පවසා මුදල් ලබාගත් බව කියන සැකකරුවෙක් මඩකලපුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත. පොලිසිය පවසන්නේ.29 හැවිරිදි මෙම සැකකරු පුද්ගලයින් 12 දෙනෙකුගෙන් රුපියල් මිලියන 1.6ක මුදල් ලබාගෙන වංචා කර ඇති බවයි.

මොහු මඩකලපුව නගරයේ විදේශ රැකියා ඒජන්සියක් පවත්වාගෙන යමින් රුමේනියාව,පෝලන්තය ඇතුලු යුරෝපා රටවල රැකියා ලබාදෙන බව පවසා මුදල් ලබාගෙන ඇති බවට පැමිණිලි ලැබී තිබුණ බව වාර්තා වේ.

එහෙත් විදේශ රැකියා නොලැබීම හේතුවෙන් 12 දෙනෙකු සිදුකළ පැමිණිලිවලට අනුවයි මෙම සැකකරු අත්අඩංගුවට ගැණුනු අතර, මේ සඳහා විදේශ රැකියා කාර්යාංශයේ ද මගපෙන්විමද ලැබී ඇත.

අදාළ ස්ථානය පරීක්ෂා කිරිමේ දී විදේශ රටවල රැකියා අපේක්ෂාවෙන් සිටින 74 දෙනෙකුගෙන් ලියකියවිලි සොයා ගැනීමට ද පොලිසියට හැකිව ඇති අතර, සමාජ මාධ්‍ය දැන්වීම් මගින් මෙම මූල්‍ය වංචා සිදුකර ඇති බවට වැඩිදුරටත් තොරතුරු වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව වසරේ පළවෙනි සුබපැතුම රනිල්ගෙන් සජිත්ට

2026 නව වසර උදාවත් සමග එක්සත් ජාතික පක්ෂ නායක,...

ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව වසා දමයි!

කොළඹ LNW:අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා...

වෘත්තීය සමිති ගේම් ඉවරයි – සමෘද්ධි බැංකු පද්ධතිය ගැන අලුත් අවුරුද්දේ අලුත් තීරණයක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සමෘද්ධි බැංකු පද්ධතිය වඩා ශක්තිමත් කරමින් ඩිජිටල්කරණ...