සමාජ මාධ්‍ය මගින් විදේශ රැකියා පෙන්වා මූල්‍ය වංචා කළ සැකකරුවෙක් අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, කොළඹ (LNW):

පුද්ගලයින් රැසකට විදේශ රැකියා ලබාදෙන බව පවසා මුදල් ලබාගත් බව කියන සැකකරුවෙක් මඩකලපුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත. පොලිසිය පවසන්නේ.29 හැවිරිදි මෙම සැකකරු පුද්ගලයින් 12 දෙනෙකුගෙන් රුපියල් මිලියන 1.6ක මුදල් ලබාගෙන වංචා කර ඇති බවයි.

මොහු මඩකලපුව නගරයේ විදේශ රැකියා ඒජන්සියක් පවත්වාගෙන යමින් රුමේනියාව,පෝලන්තය ඇතුලු යුරෝපා රටවල රැකියා ලබාදෙන බව පවසා මුදල් ලබාගෙන ඇති බවට පැමිණිලි ලැබී තිබුණ බව වාර්තා වේ.

එහෙත් විදේශ රැකියා නොලැබීම හේතුවෙන් 12 දෙනෙකු සිදුකළ පැමිණිලිවලට අනුවයි මෙම සැකකරු අත්අඩංගුවට ගැණුනු අතර, මේ සඳහා විදේශ රැකියා කාර්යාංශයේ ද මගපෙන්විමද ලැබී ඇත.

අදාළ ස්ථානය පරීක්ෂා කිරිමේ දී විදේශ රටවල රැකියා අපේක්ෂාවෙන් සිටින 74 දෙනෙකුගෙන් ලියකියවිලි සොයා ගැනීමට ද පොලිසියට හැකිව ඇති අතර, සමාජ මාධ්‍ය දැන්වීම් මගින් මෙම මූල්‍ය වංචා සිදුකර ඇති බවට වැඩිදුරටත් තොරතුරු වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ජනාධිපති ගෝඨාභයගෙන් අභියාචනා පෙත්සමක්!

කොළඹ LNW:හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා පෙත්සමක්...

සුව සේවාව නැංවීමට රු. මි. 120ක නවීන ලැපරොස්කොපි යන්ත්‍ර පරිත්‍යාගයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 09, කොළඹ LNW : මෙරට නිදහස් සෞඛ්‍ය...

ශිරන්ති අක්ෂි රෝහල වෙත!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:එළඹෙන 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත...

අල්ලස් ගත් වන ක්ෂේත්‍ර සහකාර අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 09, කොළඹ LNW : අල්ලස් ලබා ගැනීමේ...