ලේඩි ගාගාගේ ග්‍රැමී සම්මාන රාත්‍රිය හොල්ලපු අලුත් ගීතය! – “Abracadabra”

Date:

සටහන – පුලී
පෙබරවාරි 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
ලේඩි ගාගා ඉකුත් ඉරිදා ග්‍රැමී සම්මාන රාත්‍රියේදී ඇයගේ නව නිර්මාණයක් එළිදැක්වූවාය. ග්‍රැමී සම්මාන උළෙලේ විවේකයක් අතරතුර, ඉදිරියේදී ප්‍රේක්ෂකයන් අතරට එන්නට නියමිත ඇයගේ නව ඇල්බමය වන “Mayhem” හි “Abracadabra” නම් ගීතය මෙලෙස නිල වශයෙන් ප්‍රදර්ශනය කිරීමට ග්‍රැමී වේදිකාව ඇය භාවිතා කර තිබේ.

‘Abracadabra’ නිකුත් කිරීමත් සමඟ නැවත වරක් පොප් සංගීත ක්ෂේත්‍රය තුළ රැල්ලක් ඇති කිරීමට ලේඩි ගාගා සමත් විය.

මෙම ගීතය සමඟ මෑත වසරවල විවිධ සංගීත ප්‍රභේදයන් ගවේෂණය කරන ලේඩි ගාගා, නැවත ඇයගේ ට්‍රැක් එකට පැමිණීම සලකුණු කරමින්, Harlequin සිට Bruno Mars සමඟ කළ ‘Die With A Smile’ සමඟ ඇයගේ නැගිටීම සනිටුහන් කළාය.

‘Abracadabra’ හි මියුසික් වීඩියෝව ගීතය තරම්ම ආකර්ෂණීය වන්නේ එහි පවතින සිත් ඇදගන්නාසුළු නර්තන වින්‍යාසයන් ද සමඟිනි. එළැඹෙන මාර්තු 7 වෙනිදා ගීතය “Mayhem” ඇල්බමය සමඟින් ප්‍රේක්ෂකයන් අතරට පත් කිරීමට නියමිතය.


Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මේ අයිස් මත්ද්‍රව්‍ය සහ පාතාලය අවසන් කරන වැඩේ අපි කරනවා – මන්ත්‍රී මනුවර්ණ

සටහන - රුවන් නෙළුගොල්ල 2029 ජනාධිපති වීමට සිතාගෙන සිටින ඇතැම්...

වසන්ත සහෝදරයාට පරම්පරා කඩ තියෙනවා. ඒවායෙ වත්කම් මෙච්චරයි කීම වරදක් නෙවෙයිනෙ – ඇමති TB

සටහන - රුවන් නෙළුගොල්ල වෙළඳ, වාණිජ, සමූපකාර සංවර්ධන හා ආහාර...

විමල්ගේ අයථා වත්කම් නඩුව කල්යයි

සටහන - රුවන් නෙළුගොල්ල 2010 – 2014 සමයේ අමාත්‍යවරයකු ලෙස...

ඛනිජ තෙල් ගබඩා ටැංකි 06ක් ඉදිකිරීම ඇරඹේ!

කොළඹ LNW:කොළොන්නාව ඛනිජ තෙල් ගබඩා සංකීර්ණයේ, ඛනිජ තෙල් ගබඩා...