මන්නාරමේ සුළං විදුලි ව්‍යාපෘතිය : අඩුවටම දුන්නාමත් මුජිබර්ට තරහා යනවාද ?

Date:

මන්නාරමේ මෙගාවොට් 50ක සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය ප්‍රමුඛතම දේශීය පුනර්ජනනීය බලශක්ති සමාගමක් වන හේලීස් ෆෙන්ටන්ස් (Hayleys Fentons) ආයතනයට ලබාදීමට ගෙන ඇති තීරණය දැඩි ලෙස විවේචනය කරමින් අද (05) පාර්ලිමේන්තුවේදී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා ආවේගශීලී ලෙස අදහස් දක්වනු දැකගත හැකිවිය.

මෙම ටෙන්ඩරයේදී ලන්සු ඉදිරිපත්ව තිබී ඇත්තේ අදානි සමාගම ඩොලර් ශත 8ක්, වින්ඩ් ෆෝස් සමාගම ඩොලර් ශත 4.85ක් සහ හේලීස් ෆෙන්ටන්ස් සමාගම ඩොලර් ශත 4.65ක් වශයෙනි.

මුල් අවස්ථාවේදී හේලීස් ෆෙන්ටන්ස් සමාගම ඉදිරිපත් කළ ලංසුව තාක්ෂණික හේතුවක් මත බැහැර කර තිබුණු අතර පසුව ඔවුන් ඉදිරිපත් කළ අභියාචනයක් සලකා බලා ඔවුන්ගේ ලංසුව පිළිගැනීමට ටෙන්ඩර් මණ්ඩලය තීරණය කර තිබිණි. ඒ අනුව රටට, විදුලි පාරිභෝගිකයින්ට වඩාත්ම වාසිදායක ගනුදෙනුව වශයෙන් අඩුම ලංසුව වන ඩොලර් ශත 4.65ක හේලීස් ලංසුවට එම ව්‍යාපෘතිය ලබාදීමට තීරණය වී ඇත.

මේ සම්බන්ධයෙන් මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයාට මේ තරම් කේන්ති යන්නේ ඇයිදැයි යන්න පැහැදිලි නැත. කවුරුන් හෝ ඉදිරිපත් කළ වැඩි ලංසුවකට ටෙන්ඩරයක් පිරිනමමින් රටට පාඩුවක් සිදුවන ගනුදෙනුවකදී නම් කේන්ති යාම සාධාරණ ය. එහෙත් රටට වාසි වන පරිදි අඩුම ලන්සුවට සුළං විදුලි ව්‍යාපෘතියක් ලබාදුන් විටත් මුජිබර් රහුමාන්ට කේන්ති යන්නේ ඇයි ?

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල් කොළඹ සුපිරි නිවාස සංකීර්ණයකදී සජබ පිරිසක් නැවතත් හමුවෙලා ?

එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා...

වැසි තත්වයේ වෙනසක් – අද (20) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 20) දිනයේදී නැගෙනහිර, ඌව...

ඇ.ඩො. මිලියන 200ක කඩිනම් මූල්‍ය පහසුකමට IMF විධායක මණ්ඩලය එකඟ වෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : ' දිට්වා' සුළි...