මෙරට පෙර පාසල් උන්නතිය වෙනුවෙන් කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳ ගනී!

Date:

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, කොළඹ (LNW):

ශ්‍රී ලංකාවේ පෙර පාසල් අධ්‍යාපනයේ උන්නතිය වෙනුවෙන් කොමර්ෂල් බැංකුව විසින් එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UNICEF) සහ රජයේ පාර්ශවකරුවන් සමඟ අත්වැල් බැඳ ගෙන ඇත.

පෙරපාසල් අධ්‍යාපනයේ උන්නතිය වෙනුවෙන් රජයේ පාර්ශවකරුවන් විසින් ගෙන යන වැඩපිළිවෙලට යුනිසෙෆ් විසින් ලබා දෙන දායකත්වයට සහයෝගය දැක්වීමක් වශයෙන්, කොමර්ෂල් බැංකුව ඌව පළාතේ මොණරාගල දිස්ත්‍රික්කයේ පෙර පාසලක් සංවර්ධනය කිරීමට සහාය වනු ඇත. මෙම හවුල්කාරීත්වය තුළින් එම පළාත තුළ ආරක්ෂිත, සාධාරණ සහ ගුණාත්මක පෙර පාසල් ඉගෙනුම් පරිසරයන් නිර්මාණය කිරීමට දායක වෙයි.

මෙම වැඩසටහනට මුළු පාසලම යාවත්කාලීන කිරීම සහ ප්‍රතිසංස්කරණය කිරීම මෙන් ම  ගුණාත්මක ගෘහ භාණ්ඩ සහ ඉගැන්වීම්-ඉගෙනුම් උපකරණ වලින් එය සම්පූර්ණ කිරීම ද ඇතුළත් වේ.2022 වර්ෂයේ සිට, යුනිසෙෆ් හි හවුල්කරුවන් හරහා ඌව සහ මධ්‍යම පළාත් කාර්යාලවලට දුරස්ථ ප්‍රදේශවල පෙර පාසල් 40 ක ඉගෙනුම් පරිසරයන් වැඩිදියුණු කිරීම සඳහා අරමුදල් ලබා දී ඇත.

මුල් ළමාවිය අධ්‍යාපනය ශක්තිමත් කිරීමට සහ ගුණාත්මක පෙරපාසල් අධ්‍යාපනය සමඟින් වඩාත් මුළුගැන්වුනු පිරිස් වෙත ළඟා වීම හරහා ළමුන්ගේ සංවර්ධනයට හවුල්කරුවන් එක් කර ගැනීමේ නව ආකෘතියක් නියෝජනය කිරීමට මෙම පෞද්ගලික-රාජ්‍ය හවුල්කාරිත්වය සමත් වී ඇත.

කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු දේශීය බැංකුව වන අතර කොළඹ කොටස් වෙළඳපල බැංකු අංශයේ ඉහළම වෙළඳපල ප්‍රාග්ධනකරණයක් ඇති බැංකුව වේ.

ශ්‍රී ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්‍රථම බැංකුව ද වන බව පැවසේ..

කොමර්ෂල් බැංකුව මේ වනවිට දිවයින පුරා විහිදුනු බැංකු ශාඛා සහ ස්වයංක්‍රීය යන්ත්‍ර ජාලයක් ක්‍රියාත්මක කරන අතර බංග්ලාදේශය තුළ ශාඛා 20 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ්‍රී ලංකාවේ බැංකු අතර පුළුල්තම ජාත්‍යන්තර පිය සටහන තබා ඇති වාණිජ බැංකුව ද වේ.

බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය දරන CBC ෆිනෑන්ස් ලිමිටඩ් ද එහි ශාඛා ජාලය හරහා පුළුල් පරාසයක මූල්‍ය සේවා සපයන බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහින්දට ගහන්න ගහන්න වෙන්නේ ආණ්ඩුව පචවෙන එක විතරයි – නීතිඥ මනෝජ් ගමගේ

කොළඹ LNW: මහින්ද රාජපක්ෂට ගහන්න ගහන්න සිද්ධ වෙන්නේ ආණ්ඩුව...

බෝගොල්ලාගමට එරෙහි නඩුවක් ඔහු නොමැතිව විභාගයට ගැනීම සඳහා දින නියම වෙයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 01, කොළඹ LNW: අල්ලස් කොමිසම විසින් හිටපු...

බැඩ්මින්ටන් වලට උර දෙන මැක්ලරන්ස් ආයෙත් ජාත්‍යන්තර තරගාවලියක බරට උර දෙයි

නිශ්මං රණසිංහ අගෝස්තු 01, කොළඹ LNW: වසර කිහිපයක සිට ශ්‍රී ලංකා...

අධිවේගී මාර්ගයේ යනවා නම් මේ ගැනත් දැනුවත්ද?

රෂිකා හෙන්නායක අගෝස්තු 01, කොළඹ LNW: අද (01) සිට අධිවේගී...