ගාසා තිරය ඇමරිකාවට පවරාගෙන නැවත ගොඩනැගිය හැකි බව ට්‍රම්ප් කියයි

Date:

සටහන: සශිකලා මධුෂාණි
පෙබරවාරි 05: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : අද(05) ධවල මන්දිරයේදී ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සමඟ ඒකාබද්ධ මාධ්‍ය හමුවකදී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කර තිබුණේ, යුද්ධයෙන් විනාශ වූ ගාසා තීරය ඇමරිකාවට පවරාගෙන නැවත එය ගොඩනැගීමට තමන්ට හැකි බවයි.

මීට පෙර ග්‍රීන්ලන්තයට සහ පැනමාවට තර්ජනය කර කැනඩාව 51 වැනි රාජ්‍යය බවට පත් කළ යුතු යැයි යෝජනා කළ ට්‍රම්ප් මේ වන විට සිය අවධානය ගාසා තිරය වෙත යොමුකර ඇති බව පෙනේ.

සිය දිගුකාලින සමිතම මිතුරා වශයෙන් ඊශ්‍රායලය හඳුන්වා දෙමින් ජනවාර්ගිකව පවිත්‍රතාවය අනුමත කරමින් ජනාධිපති ට්‍රම්ප් වැඩිදුරටත් සඳහන් කර තිබුණේ, පලස්තීනුවන්ට නැවත ගාසා තීරයට යාමට අවශ්‍ය එකම හේතුව ඔවුන්ට විකල්පයක් නොමැති වීමත් එසේ නොවේනම් ඔවුන්ට වෙනත් තැනක සාමය සහ සහජීවනයෙන් ජීවිතය ගෙන යා හැකි බවත්, එය අවශ්‍ය නම්, අපි එය කරන බවත් අප එම කෑල්ල භාර ගෙන සංවර්ධනය කර දහස් ගණන් රැකියා උත්පාදනය කරන බවත් එය සමස්ත මැද පෙරදිගටම ආඩම්බර විය හැකි දෙයක් වනු ඇති බවයි.

මේ සම්බන්ධයෙන් රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ X හි සටහනක සඳහන් කර තිබුණේ, එක්සත් ජනපදය නායකත්වය දීමට සහ ගාසාව නැවත අලංකාර කිරීමට සූදානම් බවත්, අපගේ ලුහුබැඳීම කලාපයේ සියලුම මිනිසුන් සඳහා කල්පවත්නා සාමයක් ඇතිකරනු ඇති බවත්ය.

ජෝර්දානය, ඊජිප්තුව සහ අනෙකුත් අරාබි රාජ්‍යයන් මේ වන විටත් දැඩිව මේ වෙනුවෙන් සිය විරෝධය පළකර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මේ මොහොතේ අධිවේගී මාර්ගවල ගමන් ගන්නා අයට විශේෂ පණිවුඩයක්!

අධිවේගී මාර්ගවල ගමනාගමනය කටයුතු සඳහා මේ මොහොතේ සිට (රාත්‍රී...

මහනුවර ආශ්‍රිතවත් මහවැලි ගඟේ ජල මට්ටම ඉහළට. අධි ගංවතුර අවදානම් නිවේදනයක් ! (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල මහවැලි ගඟ ද්‍රෝණියේ යටිනුවර සහ ගඟවට...

දිස්ත්‍රික්ක 20කට වැස්සෙන් පීඩා. මරණ සංඛ්‍යාව 40ක් දක්වා වැඩි වෙයි. තවත් 21ක් අතුරුදහන්!

කොළඹ LNW:පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වන විට...