ටිකලෝ සහ බෆලෝ ….

Date:

නීතිය ටිකක් දෙන්න කෙනෙකුට කියන නම මොකක්ද ? ටිකලෝ. ටික + Law = ටිකලෝ. අපි මේ කියන ටිකලෝ ඉන්නෙ පැලවත්ත පැත්තෙ බලවත් තැනක. එයාට ඔය නම කිව්වාම හොඳටෝම මළ පනිනවා ලු. ටිකක් වුණත් ලෝ නිසා එයාට ලොකු තනතුරකුත් ලැබිලා තියෙන්නෙ. එයාත් දන්න ටිකෙන් ගේම ගහනවා ඉතින්.

එතකොට, නීතිය ගොඩාක් දන්නවා කියලා හිතාන ඉන්න කෙනාට කියන නම මොකක්ද ? එයාගෙ නම බෆලෝ. එයා බෆලෝ වෙන්නෙ නඩුවකට ගිය ගමන් හතර පැත්ත බලන් නැතිව ඔහේ ඇනගෙන ඇනගෙන ඇනගෙන යන හින්දා. එක එක කාලෙට එක එක්කෙනාට අනිනකොට එක එක දායක සභාවල් චූන් වෙන නිසා එයා නීතිය ගොඩාක් දන්නවාය කියලා තමයි ඔය දායක සභාවල අයත් හිතන් ඉන්නෙ. ඒත් ඉතින් නීතිය කියන්නෙ අනින එකට නෙවෙයි.

කොහොම වුණත් මේ දවස්වල රටේ නඩු ගොඩක් කැරකෙන්නෙ මේ ටිකලෝට සහ බෆලෝට ඕනෙ හැටියට. හරියටම කිව්වොත් ඒ දෙන්නාගෙ නැණ පමණට. බලන් ඉන්න අයට ආතල් ගොඩාක් මේ දෙන්නා ඉස්සහරට දෙයි කියලා තමයි ආරංචි. දායසභාවලට සාදුකාර දෙන්න පුළුවන්, අනිත් අයට බඩ අල්ලන් හිනාවෙන්න පුළුවන්. අන්තිමේදී කාටත් ඇඬෙන්නත් බැරි නෑ ඉතින් … ටිකලෝ නෙ ….

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රාත්‍රිය උදාවනතුරු ….

රාත්‍රිය උදාවනතුරුමේ දූපතේ, දූපත් වාසීන්තද නින්දේය ! නිහහඬ බව බිඳනිසොල්මන්...

ඇතැම් ඇමතිවරුන් විසින් ආගමික නායකයින්ට පරිභව කරමින් සිදුකරන ප්‍රකාශ හෙළාදකිනවා – කාදිනල් හිමි

සටහන - රුවන් නෙළුගොල්ල වත්මන් රජයේ ඇතැම් ඇමතිවරුන් විසින් ආගමික...

ලොව පුරා සිත්ගත් සුවිශේෂී නිදහස් දින සැමරුම්….

රෂිකා හෙන්නායක පෙබරවාරි 04, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ලොව පුරා විවිධ...