මැලේසියාවේදී තුන් ඉරියව්වෙන් හැඩ පෙන්නන වෙනුකි විහන්සා

Date:

නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW:

පානදුර ශාන්ත අන්තෝනි බාලිකාවේ වෙනුකි විහන්සා මේ දිනවල පැවත්වෙන MCA WOMEN’S U19 INTER-STATE T20 PREMIER CUP 2026 තරගාවලියේදී ඉහළ දස්කම් දක්වමින් සිටිනවා.ශ්‍රී ලංකා අවුරුදු 19 න් පහළ කණ්ඩායම තුළ පවා නොරැඳෙන මේ ක්‍රීිඩිකාව ඇය නියෝජනය කරන සරවාක් කණ්ඩායම වෙනුවෙන් තුන් ඉරියව් දස්කම් දක්වමින් මැලේසියානු ක්‍රිකට් ලෝලීන්ගේ අවධානය දිනාගෙන සිටිනවා.


මේ දක්වා තරග තරග හතක් ක්‍රීඩා කර ඇති ඇය පන්දු යැවිමෙන් කඩුලු 7 ක් දවා ගන්නට සමත්ව සිටිනවා.ඇය ඒ සඳහා පන්දුවාර 19 ක් යවා ලබා දී ඇත්තේ ලකුණු 44 ක් පමණයි.කඩුලුලාභින් අතර 7 වන තැන සිටින වෙනුකි,ඒ කඩුලුලාභින් අතර පන්දු ඕවරයකට අඩුම ලකුණු ප්‍රමාණයක් ලබා දුන් පන්දු යවන්නිය ලෙස ද කැපී පෙනෙනවා.ඇයගේ පන්දු ඕවරයක ලකුණු සාමාන්‍ය වන්නේ 2.32 ක් පමණයි.


පිතිකරණයේදී ද පළමු පිතිකරුවන් පස් දෙනා අතර සිටින ඇය තරග 6 ක් තුළ ඉණිම් 5 ක් ක්‍රීඩා කර එක් ඉණිමක නොදැවී සිට මුළු ලකුණු එකතුව 86 ක් එක් කරගෙන සිටිනවා.ඇය පස්වන තැන රැඳෙමින් පිතිකරණයේදී ද කැපී පෙණෙන දස්කම් දක්වමින් සිටිනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපේ කාලය අවසන්. දැන් Zen Beta පරපුරට පක්ෂය භාරකරන්න කාලය හරි – එජාප නායක රනිල්

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිවිල් යුද්ධය නිමවීමෙන් පසු උපන් ‘සෙන් බීටා’...

Epstein ලිපිගොනු: බලවතුන්ගේ රහස් හෙළිදරව්ව

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මෑතකදී ප්‍රසිද්ධියට පත්...

නව විගණාකාධිපති එම ධුරයේ වැඩ භාර ගනී!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, කොළඹ LNW : අද (05)...

බටහිර නයිජීරියාවේ ගම්මාන දෙකකට එල්ල වූ ප්‍රහාරවලින් පුද්ගලයින් 160 කට වැඩි පිරිසක් මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර නයිජීරියාවේ ගම්මාන...