ඉදිරි සතිය වෙනුවෙන් ගල් අඟුරු මිලදී ගැනීම සඳහා රුපියල් බිලියන 15.3ක් අවශ්‍යයි – ගල්අඟුරු සමාගමේ සභාපති

Date:

ලංකා ගල්අඟුරු සමාගමේ සභාපති ශෙහාන් සුමනසේකර මහතා පවසන්නේ ගල්අඟුරු මිලදී ගැනීමට අවශ්‍ය මුදල් සපයාගැනීමට නොහැකිවුවහොත් නොරොච්චෝලේ බලාගාරය ක්‍රියාත්මක කිරීම අර්බුදයක් විය හැකි බවත් ඉදිරි සතිය වෙනුවෙන් ගල් අඟුරු මිලදී ගැනීම සඳහා අවශ්‍ය ඩොලර් මහ බැංකුවෙන් ලබාගැනීම සඳහා රුපියල් බිලියන 15.3ක මුදලක් කඩිනමින් සපයාගත යුතු බවය.

අද (04) පැවති මාධ්‍ය හමුවකදී ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ශෙහාන් සුමනසේකර මහතා,

“සාමාන්‍යයෙන් මෙම ඇනවුම් කරන්නේ යම්කිසි මුදල් ගෙවීමේ එකඟතාවයකට ඇවිල්ලා. එම එකඟතාවය තමයි නැව්ගත කිරීමේ දී 30%ක් ගෙවීම් කටයුතු කරනවා. ගොඩ බෑමේදී ඉදිරි 70% මුදල් ගෙවීම කරනවා. ජනවාරි 30 වනදා සිට පෙබරවාරි 3 වනදා දක්වා නැව් 3ක් වෙනුවෙන් ගෙවීම් කටයුතු කරන්න ඕනේ වුණා.”

“රුපියල් බිලියන 1.35 ක මුදලක් 30% ක ගෙවීමක් අපි කළා එක නැවකට. හැබැයි අපිට තව නැව් දෙකකට ගෙවීමට තිබුණා. එම ගාස්තු දෙක නියමව තිබුණේ බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දින දෙකේ ගිය සුමානේ. නමුත් අපිට මේ වනවිටත් ඒක ගෙවන්න වුණේ නෑ. මොකද ලංකා විදුලිබල මණ්ඩලය විසින් මෙම මුදල් අවශ්‍යතාවය සැපරීමට අපොහොසත් වුණ නිසා.”

“අපිට ඉතාමත් සංකීර්ණ සහ ව්‍යාකූල තත්ත්වයකට මුහුණ දෙන්න සිදුවෙනවා ඉදිරි සුමානයේ දී. පෙබරවාරි 4 සිට පෙබරවාරි 10 වනදා දක්වා රුපියල් බිලියන 10.74ක අවශ්‍යතාවයක් තිබෙනවා. ලබන සුමානෙට ඉදිරි ඇනවුම් සඳහා මුදල් ලෑස්ති කිරීමට. නමුත් පසුගිය සුමානේ ගෙවන්න බැරි වුණ 30% මුදල හා 70% මුදල ඉදිරි සුමානේ මුදලට එකතු වෙනවා.”

“අපිට ක්ෂණික විසඳුම් ගැනීමට අවශ්‍යයි. මොකද ගල් අඟුරු බලාගාරයට අවශ්‍ය ගල්අඟුරු ටික නැති වෙන්න පුළුවන්.”

ලංකා ගල්අඟුරු සමාගමේ සභාපතිවරයා විසින් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා වෙත ලිපියක් ද යොමුකර ඇත්තේ ගල්අඟුරු නැව් 03ක් සඳහා ගෙවීමට අවශ්‍ය අමෙරිකානු ඩොලර් මිලියන 12.32 ක් හෙවත් රුපියල් බිලියන 4.56ක ප්‍රතිපාදන ලබාදෙන ලෙස ඉල්ලමක් කරමිනි.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැබිතිගොල්ලෑවේ බලය සමගි ජන බලවේගයට

අනුරාධපුර දිස්ත්‍රික්කයේ කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය සභාවේ බලය සමගි ජන බලවේගයට...

පොරොන්දු වූ අභිචෝදක සහ එම කාර්යාලය කෝ ? කාදිනල් හිමි ප්‍රශ්න කරයි!

කොළඹ LNW:ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් වූ පරිදි...

යුදෙව් අරාබි ගැටුමේ පර්සියානු භූමිකාව හා මුහම්මඩ්ගේ පුත්‍රයා ….

අපි කතාව පටන් ගමු ඉතිහාසයෙන්. ක්‍රිස්තු පූර්ව 586 වර්ශය...