*
Wednesday, May 8, 2024
spot_img

Latest Posts

බ්‍රසීලය අත්ලාන්තික් සාගරයේ දශක හයක් පමණ පැරණි ගුවන් යානා ප්‍රවාහන නෞකාවක් ගිල්වයි

බ්‍රසීලය විසින් අත්ලාන්තික් සාගයේ දශක හයක් පමණ පැරණි ක්‍රියා විරහිත යුධ ‌ප්‍රහාරක යානාවක් ගිල්ලවා තිබේ.

බ්‍රසීල නාවික හමුදාව විසින් බ්‍රසීල වෙරළට කිලෝමීටර් 350ක් (සැතපුම් 220ක්) ඔබ්බෙන්, “සාඕ පවුලෝ” නම් යුධ නෞකාව ගිල්ලවුන ලැබූ අතර, මේ සම්බන්ධයෙන් පරිසරවෙදීන් කනස්සල්ල ප්‍රකාශ කර තිබුණේ යුධ නෞකාවේ ඇස්බැස්ටස්, බැර ලෝහ සහ වෙනත් විෂ ද්‍රව්‍ය ජලයට කාන්දු විය හැකි බවත්, එමඟින් සාගර ආහාර දාමය දූෂණය විය හැකි බවයි. මේ සම්බන්ධයෙන් බ්‍රසීලයේ ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් කියා තිබුණේ, නාවික හමුදාවේ ජල විද්‍යා මධ්‍යස්ථානය විසින් නෞකාව ගිල්වීම සඳහා ප්‍රදේශය හඳුනාගත් බවයි.

පරිසරවේදීන් මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කර තිබුණේ, අන්ත දක්ෂිණාංශික හිටපු ජනාධිපති ජායිර් බොල්සොනාරෝ යටතේ ඉහළ යන පාරිසරික විනාශය ආපසු හැරවීමට ප්‍රතිඥා දෙමින් පසුගිය මාසයේ බලයට පත් අලුතින් තේරී පත් වූ බ්‍රසීල ජනාධිපති ලුයිස් ඉනාසියෝ ලුලා ද සිල්වාගේ මෙම ක්‍රියාකලාපය “රාජ්‍ය අනුග්‍රහය ලබන පාරිසරික අපරාධයක්” බවයි. මේ අනුව පාර්සරික සංවිධාන, NGO ආයතන රැසක් මේ තත්වය පාලනය කරන ලෙස නැවත නැවතත් බ්‍රසීල රජයෙන් ඉල්ලා ඇත.

1950 ගණන්වල අගභාගයේදී ප්‍රංශයේ ඉදිකරන ලද, සාඕ පවුලෝ යුධ නෞකාව 20 වන සියවසේ නාවික ඉතිහාසයේ ස්ථානයක් විය. එය 1960 ගණන්වල පැසිෆික් කලාපයේ ප්‍රංශයේ පළමු න්‍යෂ්ටික අත්හදා බැලීම්වලට සහභාගී වූ අතර 1970 සිට 1990 දක්වා අප්‍රිකාව, මැද පෙරදිග සහ පැරණි යුගෝස්ලාවියාවේ යොදවනු ලැබීය. මෙම යුධ නෞකාව දිගින් මීටර් 266 වන අතර බ්‍රසීලය විසින් 2000 දී ඩොලර් මිලියන 12 කට මිලදී ගනු ලැබීය.


පසුගිය වසරේ බ්‍රසීලය, පරණ යකඩ සඳහා Sao Paulo කඩා දැමීමට තුර්කි සමාගමක් වන Sok Denizcilik වෙත බලය ලබා දුන්නේය. නමුත් අගෝස්තු මාසයේදී, ටග්බෝට්ටුවක් මධ්‍යධරණී මුහුදට ඇදගෙන යාමට සූදානම්ව සිටියදී, තුර්කියේ පාරිසරික බලධාරීන් සැලැස්ම අවහිර කළේය.

සශිකලා මධුෂාණී_

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan