*
Saturday, May 4, 2024
spot_img

Latest Posts

පෙරේදා විදුලිය කැපීම කඩාකප්පල්කාරී ක්‍රියාවක්. ලංවිමට එරෙහි නීතිමය කටයුතු ආරම්භ කළා – PUCSL

විදුලි කප්පාදුවක් සඳහා අවසර ලබාදී නොතිබියදීත් පෙරේදා (03) දිනයේදී සිදුකළ විදුලි කප්පාදුව කඩාකප්පල්කාරී ක්‍රියාවක් බවත් ඒ අනුව ඒ සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා දැනටමත් කටයුතු ආරම්භ කර ඇති බවත් මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසයි.

“අපෙන් කිසිම අවසරයක් නොඉල්ලා හිතූමතේට විදුලිය විසන්ධි කිරීම විදුලි පනතට සහ මහජන උපයෝගීතා පනතට විරුද්ධ කටයුත්තක්. ඒ අනුව අපි ඒ සඳහා අවශ්‍ය සියලුම නීතිමය ක්‍රියාමාර්ග අරගෙන මේ තත්වය ඉදිරියේදී ඇති නොවීමට වගබලා ගැනීමට කටයුතු කරනවා. 03 වෙනිදා රාත්‍රිය ගත්තොත් විදුලිය පරිභෝජනය ඉතාම අඩු තත්වයකින් තමයි තියෙන්නෙ දත්ත අනුව. අපට ඒ දත්ත අනුව පේනවා එදින විදුලිය කැපීමකින් තොරව යන්න හොඳටම අවස්ථාව තිබුණා. මෙතන තියෙන්නේ කඩාකප්පල්කාරී ක්‍රියාවක්. විදුලිබල මණ්ඩලයෙන් අපි මේ ගැන අහපුවාම සාමාන්‍යාධිකාරීවරයාවත් මේක දැනගෙන හිටියෙ නැහැ විදුලි කප්පාදුවක් තියෙනවා කියලා. අද ඉඳන්ම අපි නීති මාර්ගයෙන් කටයුතු කරන්න අපේ නීතීඥයින් සමග එකතුවෙලා සාකච්ඡා පටන් ගන්නවා. අපි මේක ගැන සඳුදාට කලින් තීරණයක් ගන්නවා මොකක්ද මේකට කරන්නෙ කියලා”

මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා මේ බව පැවසුවේ ඊයේ (04) දිනයේදී මාධ්‍ය කළ විමසීමකට පිළිතුරු ලබාදෙමිනි.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan