Tuesday, October 4, 2022

Latest Posts

පයාගල වෙරළේ අබිරහස් මළ සිරුරක්

පයාගල, දළුවත්ත, ප්‍රගති මාවත වෙරළ තීරයෙන් අද (05) උදෑසන පුද්ගල මළ සිරුරක් හමුවී තිබෙන බව වාර්තා වේ.

අද උදෑසන ප්‍රදේශවාසීන් මෙම මළසිරුර දැක ඇති අතර ඔහුව ඒ පිළිබඳ පොලිසියට දැනුම් දීමෙන් අනතුරුව විමර්ශන කටයුතු ආරම්භ වී තිබේ.

මරණයට පත්ව සිටින පුද්ගලයා වයස අවුරුදු 45 ක් පමණ වන පිරිමියෙකු වන අතර ඔහුගේ ශරීරයෙහි ස්ථාන කිහිපයක පහරදීම් සලකුණු සහ තුවාල දැකගැනීමට ඇති බව පොලිසිය පවසයි.

ඒ අනුව මෙම පුද්ගලයාව තවත් අයෙකු විසින් හෝ කිහිපදෙනෙකු විසින් ඝාතනය කර ඇති බවටයි පොලිසිය සැක කරන්නේ.

RN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Posts

spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.